රනිල් – කරූ – සජිත් විශේෂ සාකච්ඡාව සජිත් මඟහරී !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ  (26) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු විශේෂ සාකච්ඡාවට නොපැමිණ සජිත් ප්‍රේමදාස මහතා මඟහැර තිබේ. 

මෙම තීරණාත්මක සාකච්ඡාව අද පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ කරූ ජයසූරිය මහතා පැයක් මඟබලා සිටිය ද සජිත් ප්‍රේමදාස මහතා එහි පැමිණ නැත. 

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා කථානායකවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් මෙම සාකච්ඡාව සඳහා පැමිණියේම සජිත් පාර්ශ්වය විසින් තමන්ට එල්ල කෙරෙන චෝදනා සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් සෘජුවම විමසීම සඳහා බවයි. 

දේශපාලනයෙන් සමුගැනීමේ තමන්ගේ තීරණයෙහි වෙනසක් නොමැති බව පවසා ඇති ඒ මහතා එහෙත් ඊට පෙර තමන් කළ වරද කුමක්ද යන්න පක්ෂයේ නියෝජ්‍ය නායකයාගෙන් තමන් අසා දැන ගැනීමට පැමිණියත් ඊට පිළිතුරු දෙන්නට ඔහු නොපැමිණි බවත් ප්‍රකාශ කර ඇත. 

LANKA NEWS WEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *