මංගල කැබිනට් හමුව අද

නව ආණ්ඩුවේ මංගල කැබිනට් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(27) පැවැත් වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හමුවේදී ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි කැබිනට් ලේකම්වරයා ලෙස එස් .අමරසේකර මහතා කටයුතු කරන අතර 1956 න් පසු මෙරට බිහි වූ කුඩාම කැබිනට් මණ්ඩලය ද මෙය වේ.

නුවන් කොඩිකාර

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *