තාජුඩීන් නඩුවේ විනිසුරු මාරුව අවලංගුයි

ඉතාමත් හොඳින් විභාග වෙමින් පැවති, රගර් ක්‍රිඩක වසීම් මොහොමඞ් තාජුඩීන් ඝාතන නඩුව විභාග කළ, විනිසුරු නිශාන්ත පෙරේරා මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරඇති බව යුක්තියට වාර්තා වේ. අධික බීමත්ව රිය පැදවීමේන් ඇති වූ අනතුරක් හේතුවෙන් තාජුඩීන්ගේ මරණය සිදු වූ බවට රාජපක්ෂගේ පාලන සමයේ නිගමනය වී තිබුණි. කෙසේ නමුත් සැකයට භාජනය වී තිබූ ඒ මරණය හිතාමතා කළ මනුෂ්‍ය ඝාතනයක් බව මේ නඩු විභාගයෙ දී අනාවරණය වී තිබේ. අපරාධ හා දූෂණ පිළිබඳ නඩු විභාගවන අංක 3 අධිකරණයේ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා මාරුකර හැරීම පිළිබඳ බොහෝ දෙනා තුළ බලවත් සැකයක් වර්ධනය විය. අධිකරණ සේවා කොමිසම මගින් කෙරුන එම ස්ථාන මාරුව අවලංගු කිරීම පිළිබඳව සාධාරණ නඩුවිභාගයක් අපේක්ෂා කරන අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ සියළුම දෙනාගේ පැසසුමට ලක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *