අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රදීප් ජයතිලක

අධිකරණ සේවා කොමිසමේ වැඩබලන ලේකම්වරයා වෙනුවට, නීතිඥ ප්‍රදීප් ජයතිලක මහතා ස්ථිර ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව විශ්වාස කටයුතු මාර්ගයෙන් යුත්තියට දැනගන්නට ලැබී ඇත. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විරෝධී ලෙස ඉවත් කිරීමට විරෝධය පලකිරීම හේතු කොටගෙන අධිකරණ කොමිසමේ හිටපු ලේකම්වරයාව ද ඉවත් කෙරෙන තැනට රාජපක්ෂ රෙජීමය ක්‍රියා කළේ ය. දැන් සිටින වැඩ බලන ලේකම්වරයා පත්වූයේ එම ක්‍රියාවලියේ අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණ කොමිසමේ ස්ථිර ලේකම්වරයා ලෙස ජයතිලක මහතා පත්වීමට නියමිත ය. අධිකරණ ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගෙන ඇති ප්‍රදීප් ජයතිලක මහතා ස්වාධීන අපක්ෂපාත නීතිඥයෙකු බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *