කතානායක ධුරය වෙනස් කරන්න ආණ්ඩුවට බහුතරය නෑ !

නව ඇමති මණ්ඩලයක් පත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කතානායක ධුරයෙන් කරු ජයසුරිය මහතා ඉවත්කොට එයට වාසුදේව නානායක්කාර මහතා පත්කරන බවට ආරංචි පැතිර ගියද එසේ කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩුවට නැති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි .

භාරකාර ආණ්ඩුවක් බව කියුවද ඇත්ත වශයෙන්ම මෙය සුළුතර ආණ්ඩුවකි . විපක්ෂයේ වෙනත් පක්ෂවල හෝ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෝ සහය නොමැතිව ආණ්ඩුවට කිසිවක් කළ නොහැකි තත්වයක් ඇත. එම තත්වය තුළ කතානායක ධුරය වෙනස් කළ නොහැකිය .

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතුවන බවට කට කතා පැතිර ගිය ද එබදු තත්වයක් තවම වර්ධනය වී නැති බව ද අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *