එක්නැලිගොඩ ඝාතන සැකකරුවන්ගේ කටවල් වහන්න මහින්ද පිලෙන් මෙහෙයුමක් !

ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින සැකකරුවන් අතරින් රජයේ සාක්ෂිකරුවන් වීමට කැමැත්තෙන් සිටින පිරිස නිහඩ කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අභයාරාම පාර්ශවය  විශේෂ මෙහෙයුමක් දියත් කොට ඇති බව දැනගන්නට ඇත . ඇතැම් දේශපාලනඥයන් සැකකරුවන්ගේ පවුල්වල උදවියට බැගෑපත්වෙමින් ඉල්ලා සිට ඇත්තේ මෙම ඝාතනයට උපදෙස් හා නියෝග ලබාදුන් ඉහල බලවතුන් ගැන අධිකරණයේදී හෙළි නොකරන ලෙසයි . එලෙස රජයේ සාක්ෂිකරුවන් වන උදවිය සියලු තතු හෙළිදරවු කළහොත් එය තමන්ට බලවත් පහරක් වනු ඇති බවට අභයාරාම පාර්ශවය කැලබීමට පත්ව තැති බව කියති .

මේ අතර නීතිඥ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ මෙම පරීක්ෂණය කරන නිලධාරීන්ට තර්ජනය කිරීමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක බවයි . ඒ සදහා පහත්  පෙලේ බොරු ප්‍රචාර කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවද නීතිඥ එකමුතුව පෙන්වා දී ඇත .කෙසේ වෙතත් ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ සාර්ථකව ඉදිරියට යන බව නීතිඥ එකමුතුව කියයි .

2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රාජගිරියේදී පැහැරගෙන ගිය ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන “රාජපක්ෂ පවුල් ගහ ” පිලිබදව ඔහු පියු ලිපියක් පිලිබදව ප්‍රශ්න කල බවත් , ඉන් පසුව පිටතට රැගෙන ගිය ඔහු මරාදමා ඇති බවත් මේ වනවිට හෙළිදරවු වී ඇත. එම ඝාතනය ක්‍රියාත්මක කල අය අත්අඩංගුවට පත්ව ඇතත්, එයට නියෝග දුන් උදවිය තවමත් නිදැල්ලේ සිටිති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *