|

ස්මාර්ට් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ; ජාතික ජන බලවේගයට මොකද වුණේ ගෝඨාභය කරන්නේ ජන බලවේගය කියපු දේවල්ද…


මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු නොවූ බවට විවිධ පාර්ශව අදහස් ප‍්‍රකාශ කරමින් සිටිති. නමුත් ජවිපෙ නායකයා කියා සිටින්නේ මෙවරත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වූ බවත් එය සිදුවූයේ ‘ස්මාර්ට්’ ආකාරයෙන් බවත්ය. ජනාධිපතිවරණය ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලදීද මේ සම්බන්ධයෙන් අවධානයට ලක්විය. ”මීට කලින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවුණා ආකාර කිහිපයකට. ගෙවල්වලට පැනලා ඡුන්ද කාඞ් මංකොල්ලකෑවා. ඡුන්ද මධ්‍යස්ථානවලට ගිහින් ඡුන්ද පෙට්ටි පිරෙව්වා. නැත්නම් ඡුන්ද පෙට්ටි පිටින් මාරු කළා. ඒ හැම දේකින්ම කළේ ජනතාවගේ ඇත්ත කැමැත්ත සාධාරණ ලෙස ප‍්‍රකාශයට පත්වීම වැළැක්වීම. ඒ දේ මෙවර මැතිවරණයේදීත් සිදුවුණා. ඒක වුණේ ස්මාර්ට් විදියට. අපේ රටේ රාජ්‍ය මාධ්‍යයි ඇතැම් පෞද්ගලික මාධ්‍ය කිහිපයකුයි රටේ ජනතාවගේ ඇත්ත කැමැත්තට විශාල බලපෑමක් ඇති කළා. මේ ගැන ඇත්ත කතාබහක් රට තුළ සිදුවිය යුතුයි. ඒ වගේම මාධ්‍යවේදීන්ටත් තමන්ගේ ආයතන ඇතුලේ අරගලයක් තිබෙනවා මාධ්‍ය භාවිතය ගැන. මොකද නීති හදලා මේ පාලනය කරනවට වඩා සමාජයේ මාධ්‍ය භාවිතය ගැන සාකච්ඡුාවක් අවශ්‍යයි.” අනුර දිසානායක මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් කියා සිටියේය.


බිමල්ගෙන් ෆේස්බුක් පෝස්ට් එකක්


ඵදිඑ සබකෙමැබඑස්ක 5 පැබ සබ එයැ චරුිසාැබඑස්ක ැකැජඑසදබ රුිමකඑිග ඵීල ඍඋල ඵ’ල ෘන්‍ල ඍී යනුවෙන් ජවිපෙ මන්ත‍්‍රී බිමල් රත්නායක ෆේස්බුක් සඳහනක් තැබුවේ පසුගිය විසිවෙනිදිනය. එම සටහන තැබූ විගසින් පුද්ගලයින් පිළිබඳව නම් සඳහන් කරමින් අදහස් දැක්වීම් ආරම්භ විය. ඒ අතර බොහෝ පිරිස් ඒ සම්බන්ධයෙන් බිමල් රත්නායක සමඟ කතාබහ කිරීමට පටන් ගත්තෝය. ”මන්ත‍්‍රීතුමා මේ ඡුන්දෙදි මාධ්‍යවලින් කරපු බලපෑම නම් නරකම එකක්. මේවා එක්ක අපිට හැප්පෙන්න වෙනවා. මොකද අපි කියන මතය කොයිතරම් ඇත්ත සාධාරණ වුනත් බොරු මතයක් සමාජගත කරන්න ප‍්‍රබල මාධ්‍යවලට පුළුවන්. ඉස්සරහට මේක තවත් බරපතළ වෙනවා. අපිට බැරිද චැනල් එකක් පටන් ගන්න. පුළුවන් මට්ටමින් පටන් ගන්න. අපි අපේ වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්නම්. නැතුව මේ සටන ගෙනියන්න බැරි වෙයි. මොකද බොරුව තමයි සමාජ ගත වෙන්නේ. අන්තිමේදී නයි පවා ඡුන්ද සටනට ආවා නේද?” දුරකතන ඇමතුමක් ලබාදුන් වෘත්තිකයෙක් බිමල් රත්නායකට පැවසීය. ”ඔව් මාධ්‍ය බලපෑම ගැන අපි අවබෝධයෙන් ඉන්නේ. ඕනෑ තරම් වෙනත් රටවල උදාහරණ තියෙනවා බලයට ගේන්න ඕනෑ කෙනා ඉලක්ක කරගෙන මේ වගේ මාස්ටර් කැම්පේන් යනවා. අපි උත්සහ කරමු අලූත් විදියකට අපේ ප‍්‍රචාරණ කටයුතු කරන්න.” බිමල් රත්නායක පිළිතුරු දෙමින් පැවසීය.


අපිට ඕන වුණේ ආණ්ඩුව පරද්දන්න, ජවිපෙ පරද්දන්න නෙවෙයි…


ජනාධිපතිවරණයේ ඡුන්ද ප‍්‍රතිඵලයෙන් පසුව බොහෝ දෙනා ජවිපෙ නායකයින්ට කතාබහ කරන්නේ තමන් බලාපොරොත්තු නොවූ ප‍්‍රතිඵලයක් ලැබුණ බව කියමිනි. ඒ අතර ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය තුළ ජවිපෙ පරාජය ගැන උදම් අනමින් සිටීමද දකින්නට ලැබේ. බොහෝ පිරිස් ජවිපෙ දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවය පළකළද ජනාධිපතිවරණයේදී දෙදෙනකු අතර වූ තීව‍්‍ර තරඟකාරීත්වය නිසා ජවිපෙ (ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා* තෝරාගැනීමට පෙළඹෙන සම්භාවිතාව අඩු වූ බව දේශපාලනයට සංවේදී සියලූ දෙනා දන්නා කරුණකි. කෙසේ වෙතත් මේ දිනවල ජවිපෙ මන්ත‍්‍රීවරුන්ගේ මෙන් ජාතික ජනබලවේගය නියෝජනය කළ අනෙකුත් සංවිධානවල නායකයින්ටද සිය ඡුන්ද දායකයින්ගෙන් දුරකතන ඇමතුම් ගලා ඒමේ අඩුවක් නම් නොමැත.


”මන්ත‍්‍රීතුමා අපි මේ සැරේ ඡුන්දය දුන්නේ ආණ්ඩුව පරද්දන්න මිසක් ඔබතුමාලා පරද්දන්න නෙවෙයි. මොකද අපි මීට කලින් හොරු එළවන්න ඡුන්දය දුන්නා. නමුත් පහුගිය ආණ්ඩුව ඒක හරියට කළේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට විරෝධය පළකරන්න අපි මේ සැරේ ඡුන්දෙ දුන්නා. නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි දෙන්නේ ඔබතුමාලට. මොකද බැඳුම්කර වංචාව හෙළිකළේ ජවිපෙ බව රටම දන්න දෙයක්. ඔබතුමාලා පාර්ලිමේන්තුවේ නැතුව කවුරු ජනාධිපති වුණත් මේ රට හදන්න බැරි බව අපි දන්නවා.” ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිට දුරකතන ඇමතුමක් ලබාදුන් නීතිඥයෙක් පැවසීය. ”ඔව්, දැන් පොඩි සංදර්ශන ටිකක් යනවා. ඒවා එහෙම තමයි. බලයට ආපු ගමන් වැරදි පාරේ යන්නේ නෑනේ. අපිත් කියන්නේ ඒකයි. තනි මිනිහෙකුට රටක් හදන්න බැහැ. ඒකට කණ්ඩායමක් ඕනෑ. ගෝඨාභය රාජපක්ෂ තෝරා ගන්න ඒ කණ්ඩායම කවුද? දැන් වටේ ඉන්නේ කලින් ආණ්ඩුවේ වංචා ¥ෂණවලට අහුවෙලා නඩු ගොඩක් තියෙන අය. 225ම එපා කියපු අය ඊළඟ ඡුන්දේ දෙන්නේ කොහොමද කියලා කල්පනා කරල බලන්න ඕනෑ.” සුනිල් හදුන්නෙත්ති පිළිතුරු දෙමින් කීය.
”දැන් ගොඩක් අය ධාර්මික පාලනයක් ගැන කතා කරනවා. ඒත් අපි විශ්වාස කරන විදියට පන්සිල් පද පහට අනුව දේශපාලනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු කියලා අපි නම් දන්නවා. මොකද හොරාකන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. වෙන කිසිදු හානියක් සමාජයට නැහැ. ඉතිං පන්සිල් පද පහ හරි ආරක්ෂා වෙන්නේ ජවිපෙ මන්ත‍්‍රීවරු හිටියොත් තමයි.” කළුතර මන්ත‍්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට දුරකතන ඇමතුමක් ලබාදුන් පානදුර ප‍්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමින්වහන්සේ නමක් පැවසූහ. ”ඔව් අපේ හාමුදුරුවනේ, ඒක තමයි ඇත්ත. අපිට කතා කරන ගොඩක් අය කියන්නේ මේ වෙලාවේ ඡුන්දය ගැන වෙනස් තීරණයක් තිබුණට පාර්ලිමේන්තුවේ ජවිපෙ මන්ත‍්‍රීවරු නැත්නම් මේ රටට හොඳක් වෙන්න ඉඩක් නැහැ කියලා. ඒ වගේම ගණන් කරන මධ්‍යස්ථානවල ගියපු අපේ අය කිව්වේ සැලකිය යුතු ඡුන්ද ප‍්‍රමාණයක අනුර සහෝදරයාට දෙවැනි මනාපය සටහන් කරලා තිබුණා කියලා. ඒ නිසා අපේ දේශපාලන සංස්කෘතිය ප‍්‍රතික්ෂේපවීමක් වෙලා නැහැ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය.


ගෝඨාභය කරන්නේ ජන බලවේගය කියපු දේවල්ද…


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ජනප‍්‍රිය තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූ බව මාධ්‍ය තුළ, සමාජ ජාලාවල උත්කර්ෂයට නංවමින් තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජවිපෙ නායකයින්ගෙන් විමසති. ”මන්ත‍්‍රීතුමා අලූත් ජනාධිපතිතුමා කරන්නේ ඔබතුමාලා කතා කරපු දේවල් නේද? ඔබතුමාලාට කරන්න දෙයක් නැතිවෙයි ඉස්සරහට” විජිත හේරත්ට දුරකතන ඇමතුමකින් කතා කළ මාධ්‍යවේදියක් සිනහ නගමින්ම ප‍්‍රශ්න කළේය. ”ඇත්ත තමයි. කවුරුත් බලයට ආපු ගමන් වැරදි වැඩ කරන්න පෙළඹෙන්නේ නැහැනේ. එක පැත්තකින් අපි කතා කරපු දේශපාලන සංස්කෘතිය සමාජගත වෙලා තිබෙන බව මේ වැඩවලින් පේනවා. අනෙක් කාරණය තමයි මේ සංදර්ශන වැඩි කාලයක් නැති වෙයි. ගෝඨා මේ ප‍්‍රශ්න කරමින් තියෙන්නේ අපි කරපු දේවල් නෙවෙයි නේද? එයාගෙම අයියා කරපු දේවල් තමයි. පාරවල් පුරා කටවුට් ගැහුවේ මහින්ද; රට සවාරි යනකොට ප්ලේන් පිටින් අරගෙන ගියේ මහින්ද; ජනාධිපති කාර්යමණ්ඩලය 1500ය 2000 වැඩි කරගත්තේ මහින්ද. ඒ නිසා මේවා ජනතාව රවට්ටන අර්ථයෙන් නොකර ඇත්ත වුවමනාවෙන් කරනවානම් රටට හොඳයි. මොකද අපි හැමදාමත් කතා කළේ රටට හොඳ දේශපාලන සංස්කෘතියක් ඕනෑ කියලා. නමුත් ඒ මොනවා කළත් රටේ ඇත්ත ප‍්‍රශ්න ටිකට මේ නායකයින්ට උත්තර තියෙයි කියලා ඔයා හිතනවද?” විජිත හේරත් පෙරළා ප‍්‍රශ්න කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *