රාජ්‍ය සංස්ථා-මණ්ඩල වලට වෘත්තීය සුදුසුකම් සොයයි

රජය යටතේ පවතින සංස්ථා හා මණ්ඩල  ආදීයෙහි සභාපතිවරු ,අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගැනීමේදී සුදුසුකම් , වෘත්තීය දැනුම ඇති  පිරිස්  පත් කළ යුතු බව ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
 

නව අමැති මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු  ජනාධිපති ලේකම් කාර්යාලයේදී  ජනාධිපතිවරයා අද (22)   මේ බව සඳහන් කළේය.
 
දැනට පවතින එවැනි ආයතන සියල්ලක්  පාඩු ලබමින් පවතින බවද එය ලාබ ලැබීමේ ආයතන කිරිමට නම්  ආයතන  කාර්යක්ෂම කර ගැනීමට හොද අධ්‍යක්ෂ මණ්ඩයක් සිටිය යුතු බවද  ජනාධිපතිවරයා පැවසීය.
 
තෝරාගන්නා සියලු ප්‍රධානීන් කාර්ය මණ්ඩලය  තේරීම් මණ්ඩලයක් හරහා  තෝරාපත් කර ගත යුතු බවත් පැවසූ ජනාධිපතිවරයා  එවැනි පිරිස් සිටිනවා නම්  තේරීම් මණ්ඩලයට  යොමු කරන ලෙසද අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා  සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *