ෆවුසිව මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රීලනිපය තීරණය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනීප මූලස්ථානය ඊයේ  (21) රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ෆවුසි මහතා මන්ත්‍රීධුරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට අද  (22) දිනයේ ලිපියක් මගින් දැනුම් දීමට ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට එක්වූ ෆවුසි මහතාට එරෙහිව පක්ෂය විසින් පවත්වන ලද විනය පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වී ඇති බැවින් ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

(අජන්ත කුමාර අගලකඩ)

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *