විපක්ෂ නායක රනිල් – එජාපය තීන්දු කරයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එම තීරණය පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

එජාප ලේකම්වරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයා ලෙස තෝරා ගැනීමට එජාපය තිරණය කර ඇති බවයි. ඒ නිසා අදාල තනතුරට අදාල පහසුකම් සලසා දෙන ලෙස ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටියට අනුව විපක්ෂයේ වැඩිම ආසන ප්‍රමාණයක් සහිත පක්ෂයට විපක්ෂ නායකත්වය හිමිවන අතර ඒ අනුව මේ වනවිට වැඩිම ආසන ප්‍රමාණයක් හිමි පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *