ජනපතිවරණ ප්‍රතිඵල ගැන එජාපයෙන් පූර්ණ විශ්ලේෂණයක්

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ විශ්ලේෂණයක් ලබන සඳුදා  සහ  අඟහරුවාදා යන දෙදින පුරා සිදු කෙරේ.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය සිදුකරන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල පූර්ණ ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසු  සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගත හැකි  පක්ෂයේ   පූර්ණ ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම්න් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්සයේ මහලේකම් අකිල  විරාජ් කාරියවසම් මහතා  ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි වුණු ආකාරය සම්බන්ධයෙන්  පූර්ණ විශ්ලේෂණය කර යථාර්ථයට මුහුණ දෙමින් සිංහල බෞද්ධ පදනම දිනාගත හැකි තරුණ  නායකත්වයක් ගැන ද අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කිරිමට තීරණය කර ඇත.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *