අරගලය ඉවර නෑ – ඔය සතුට තාවකාලිකයි‍ – උපුල් ශාන්ත සන්නස්ගල

අපි මේ පටිගත කිරීම කරන්නෙ ඡන්දයට දවස් දෙකකට කලින් අද 2019 නොවැම්බර් මාසෙ 14 වෙනි බ්‍රහස්පතින්දා. හැබැයි ඔබ මේ වැඩසටහන බලන්නෙ ඡන්දෙ ඉවරවෙලා. කවුරු හෝ ජනාධිපති වරයෙක් මේ වෙද්දි  දිවුරුම් දීලා ඉන්නව. දැන් තියෙන ප්‍රශ්නය දිවුරුම් දුන්නට පස්සෙ ඒ පත්කරපු නායකයා වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කෙරුවා, කිරිබත් කැවුම් කෑවා, පදිවි තානාන්තර දැන් බලාගෙන ඉන්නවා. බොහොම සුඛිත මුදිත ජාතික ආරක්ෂාව තියෙන ස්වයං පෝෂිත ලස්සන රටක් පිළිබදව ඔබට හීනයක් තියෙන්න පුළුවන්. අපේ නායකයා දිණුවා. අපිට දැන් ජනාධිපතිවරයෙක් ඉන්නව කියලා. මම දන්න විදිහට ඔය සතු‌ට තාවකාලිකයි. ඔබට තව ටික දවසකින් ඕබේම කැඩපතින් ඔබව පේන්න ගන්නවා. එතකොට ඔය පරාජිත හැගීම ටිකෙන් ටික දැනෙන්න පටන් අරගෙන ඔය ප්‍රගතිශීලි ජනාධිපතිවරයා මේ රටේ බිහිවෙච්ච ප්‍රතිගාමි මිනිහෙක් වශයෙන් ඔබට පේන්න පටන්ගන්නවා. ඔබ කලකිරීමට පටන් ගන්නවා. මේක තමයි අවුරුදු හැත්තෑවක් තිස්සේ දිගටම වුනේ. එකෙක් එපා කියලා තව එකෙක් පත්කරගත්තා. එයා එපා කියලා තව එකෙක් පත්කර ගත්තා.

ඇත්තටම සතුටින් ඉන්නෙ දැන් කවුද? මම විශ්වාස කරනවා මාලිමාවට ඡන්දෙ දුන්න හැම පුරවැසියෙක්ම, ජාතික ජන බලවේගයත් එක්ක මාලිමාවත් එක්ක හිටගත්ත, ඒ වෙනුවෙන් මනාපයක් දුන්න දෘෂ්ඨිවාදී අදහසක් තිබුණු, නිදහස පිළිබඳ හැඟීමක් තිබුණු හැම ඡන්ද දායකයෙක්ම, හැම පුරවැසියෙක්ම, අනාගතේ සතුටට පත්වෙනව.

මම හිතනවා මම ජනාධිපතිවරණ විශාල ප්‍රමාණයකට ඡන්ද පාවිච්චි කරල, මගේ මානපය පාවිච්චි කරලා විටෙක දිනලා, විටෙක මම පැරදිලා මෙවර මම සදාකාලික ජයග්‍රහණයක් දැන් ලබනවා. අරගලය ඉවර නෑ කියලා දැන් අපිට දැනෙනවා. ජනාධිපතිවරණය වෙනුවෙන්ඔබේ ඉවෙන්ට් එක ඉවර වෙන්න පුළුවන්. ඉවෙන්ට් එකේ තිබුණ සම්බන්ධතා ඉවර වෙන්න පුළුවන්. දැන් ගනුදෙනු බේරාගෙන ඉවර ඇති. අපි ගනුදෙනු බේරගෙන ඉවර නෑ. අරගලය පටන් ගත්තා විතරයි. මෙතැන් පටන් අරගලය තාම තියෙනව.  ජන බලවේගයත් එක්ක හිටපු සියලු පුරවැසියන් ඒ අරගලයත් එක්ක ඉන්නවා. මේ රට යහපත් රටක් කරන කල් මේ සිස්ටම් එක වෙනස් වෙනකම් මාලිමාවත් එක්ක හිටපු අය එක පෙළට හිටගන්න බවට සහතිකයක් අපට තියෙනව.

අරගලය ඉවර නැහැ. අපිට ජයග්‍රාහි අදහසක් තියෙනව. ඒ ජයග්‍රාහි අදහසත් එක්ක අපේ හෘද සාක්ෂියට ඒකඟව අපි මනාපයක් දීලා තියෙනවා. ඒ මනාපය දුන්න මාලිමාවේ ජයග්‍රහණය අපි හිතනවා මේ රටේ පුරවැසියන්ගෙ ජයග්‍රහණය කියලා මට කියන්න ඕනැ අරගල ඉවර නැහැ.  ඉවෙන්ට් එක ඉවර නැහැ ජනබලවේගයත් එක්ක හිටගත්ත පුරවැසියන් එක්ක අනාගතයේ දී අරගලය වෙනුවෙන් ඍජු කසේරුකාවකින් රබර් මිශ්‍රනයක් නැති කසේරුකාවකින් හිටගන්න බවට ප්‍රකාශ කරන්නයි මේ විඩියෝ පටිය කෙරුවෙ. ස්තූතියි.

(උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් ඊයේ (17) අන්තර්ජාලයට මුදා හරින ලද විඩියෝ පටයකින් උපුටා ගන්නා ලදී.)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *