ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

  ශ්‍රී ලංකාවේ අභිනව විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය අනුරාධපුර රුවන්වැලි සෑය පාමුල සලපතල මළුවේදී පැවැත්විණි

  මෙරට හත්වැනි විධායක ජනපති ලෙස දිවුරුම් දුන් පසු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීය.

ඔහු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව දිවුරුමෙන් ප්‍රකාශ වන අතර ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ඔහු විසින් දිව්රුම් ලබා දුන්නේය.

  දිවුරුම්දීමේ උත්සවයට එක්වීමට අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයට පැමිණි හත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ආගමික වතාවත් වල  නිරතවිය.  

මෙම උත්සවයට එක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඇතුළු මැති ඇමතිවරු රැසක් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයට පැමිණ සිටියහ .  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *