ගෝඨාභය මහනගරවලින් පසුබසයි !

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අවසන් මැතිවරණ ප්‍රචාරය රැස්වීම්  පැවැත්වීමට මහ නගර ඇතහැර ඈත ප්‍රදේශ  යොදාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වීය. ඒ මහතාගේ අවසන් ප්‍රධාන රැස්වීමක් කොළඹ නගරයේ පැවැත්වුයේ නැත. රැස්වීම් පැවැත්වුයේ කැස්බෑව ප්‍රදේශයේය. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කොළඹ දී තම අවසන් ප්‍රචාරක රැලිය පැවැත්වීය.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ගාල්ල අවසන් ප්‍රචාරක රැලිය ගාල්ල නගර මධ්‍යයේ පැවත්වද්දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රැස්වීමක් පවත්වන ලද්දේ දඩල්ල ප්‍රදේශයේය. එය ප්‍රධාන සොහොන් පිටියක් ඇති ප්‍රදේශයකි. එබැවින් පොහොට්ටුවේ කට්ටිය අන්තිම රැස්වීමට සොහොන් පිටියකට ගිහින් යැයි උපහාස කතාවක්ද කියැවිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *