මාධ්‍යවේදියාට පහරදීම ඇමති වජිර හෙළා දකියි

මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතාට ඊයේ රාත්‍රියේ හබරාදුවේ දී අවි ආයුධ වලින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධණ මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කොට ඇත. එහි මෙසේ සඳහන් වෙයි.

ඊයේ (13.11.2019) මාධ්‍යම රාත්‍රීයේ ගාල්ලේ දී මාධ්‍යවේදී ලසන්ත විජේතුංග මහතා හට පිරිසක් විසින් අවි ආයුධ වලින් පහර දී තුවාල සිදු කර ඇත. ඒ මහතාගේ හිසට හිස් ආවරණයකින් පහර දෙනු ලැබ ඇති අතර තවත් අයෙකු පිහියකින් ඇනීමට තැත් කර ඇත. ඒ මොහොතේ ලසන්ත මහතා වම් අතින් එම පහර වැළැක්වීමට උත්සාහ කිරීමේ දී විරුද්ධවාදියා දෙවරක් අත කපා පළා ගිය බව ඒ මහතා සඳහන් කරයි තවද, ‘උඹ රාජපක්ෂළාට විරුද්ධව වැඩ කරන්නේ ඇයි?’ යනුවෙන්  පවසමින් මේ පහර දීම සිදු කර ඇත. මේ වන විට ලසන්ත විජේතුංග මහතා කරාපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු ගැන වැඩි විස්තර 0758296769 යන අංකයෙන් (ඔහුගේ බිරිඳ) ලබාගත හැක.’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *