ගොඩබිමෙන් ඉන්දියාවට යෑම සිහිනයක් නොවේ !

අඩක් ගිලුණු හුණුගල් දාමයක ඇති දූපත් දෙකක් වන ශ්‍රී ලංකාවේ මන්නාරම හා ඉන්දියාවේ රාමේෂ්වරම් යා කිරීම ආසියානු කලාපය එකට සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් බව පසුගිය දා ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ ය. දකුණු ආසියානු කලාපයේ සම්බන්ධතාවය පිළිබද දැඩි උනන්දුවක් දක්වන ඉන්දියාව, මුහුද හරහා පාලමක් සහ උමං මාර්ගයක් සෑදීමට කටයුතු සූදානම් කර ඇති බව මධ්‍යම ආණ්ඩුවේ ප්‍රවාහන හා අධිවේගි මාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි පසුගිය බදාදා පැවසුවේ ය. මේ මාර්ගය බංගලා දේශය, භූතානය සහ නේපාලයට යන රටවල් වලට ද එවිට සම්බන්ධ වේ.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා සම්බන්ධ කිරීමට පාළමක් ගොඩනැගීමේ මෙම ව්‍යාපෘතියට සම්පූර්ණ මූල්‍යමය දායකත්වය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකගතාවය පළකර ඇති බව ද අමාත්‍ය ගද්කාරී පැවසුවේ ය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමේ මෙම ව්‍යාපෘතියට ඉන්දියානු රුපියල් කෝටි 24,000 පමණ වැය වන බව ගණන් බලා ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෑතකදී ඉන්දියාවේ කළ සංචාරයේ දී ඒ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාකර ඇති බව ඉන්දීය ප්‍රවාහන සහ අධිවේගී මාර්ග අමාත්‍ය නිතින් ගද්කාරි මහතා ඉන්දීය ලොක් සභාවේ දී ප්‍රකාශ කළේ ය. ඉන්දියානු ආණ්ඩුව අවධානය යොමු කර ඇත්තේ මේ හරහා කලාපීය සහයේගීතාවය වර්ධනය කිරීමටය.
ඒ හේතුකොටගෙන “නැගෙනහිර ප්‍රතිපත්ති පනත” පිළිබද ප්‍රකාශනයේ දී ඉන්දියානු අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. මෙය කලාපයේ භාණ්ඩ හා මගී ප්‍රවාහන ජාලයට පහසුකම් සැළසීමට “තිම්පු බංග්ලා දේශ භූතාන් ඉන්දියා නේපාල මෝටර් රථ ගිවිසුම”ට අත්සන් තැබීම ද වැදගත් සිද්ධියක් බව ය. කල්කටාවල සිට අග්‍රාතාල් හරහා ග්වාටි දක්වා සම්ප්‍රදායික මාර්ගය කිලෝ මීටර් 1550 වූ නමුත් නව මාර්ග පද්ධතිය නිසා කිලෝ මීටර් 640කින් පමණ එය අඩු වී ඇති බව ඉන්දියානු අගමැතිවරයා පවසා ඇත.
උත්ත ගිවිසුම හා අනිකුත් ගිවිසුම් මගින් ආසියාවේ ජාතීන්ට භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා වාහන වලින් සමස්ත ආසියානු කලාපයේ ම සංචාරය කිරීමේ සිහිනය, නැත්නම් බලාපොරොත්තුව සඵලවන බව ද ඔහු වැඩි දුරටත් පවසා ඇත.
ගිහාන් රත්නායක
:2015 දෙසැම්බර් 17වෙනි දා ඡරුි ඔරමිඑ දf ෂබාස් ඇසුරෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *