අප්පා,මුත්තා,මි මුත්තාත් නොකළ දේ

ඉස්කෝලේ මහත්තයෝ අපේ සේනානායක පරම්පරාවට චාලි චැප්ලින්ගේ හරි මිස්ටර් බීන්ගේ හරි පරම්පරාවලට සම්බන්ධයක් තිබෙනවාද කියා කඩේ ළමයා ඇසුවේය.

සේනානායක කිව්වට විවිධ අය ඉන්නව ධර්මසිරි සේනානායක, මෛත්‍රීපාල සේනානායක ළමයා අහන්නේ කොයි සේනානායක ගැනද කියා එවිට ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

මට දැනගන්න ඕන ඩි.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, රුක්මන් සේනානායක පරම්පරාවලට චාර්ලි චැප්ලින්ගේ නැත්නම් මිස්ටර් බින්ගේ පරම්පරා එක්ක සම්බන්ධයක් තියනවද කියලයි කියා කඩේ ළමයා කිවේය.

පිස්සුද ළමයෝ ඒ පරම්පරා වලට චාර්ලි චැප්ලින් මිස්ටර් බින් පරම්පරාවත් එක්ක මොන සම්බන්ධයක්ද කියූ ඉස්කෝලේ මහත්තයා ළමයට මොකද උන් හිටිගමන් ඒ වගේ ප්‍රශ්නයක් මතුවුණේ කියා ඇසුවේය

එහෙනම් අපේ ප්‍රේඩි සිල්වා මහත්තයාගේ පරම්පරාවට වත් සේනානායක පරම්පරාවේ සම්බන්ධයක් තියෙනවද කියා කඩේ ළමයා ඇසුවේය.

පිස්සුද ළමයා ප්‍රේඩි සිල්වා කවුද? සේනානායකලා කවුද කියා ඉස්කෝලේ මහත්තයා කිවේය .

එහෙම නම් එඩි ජයමාන්නයි සේනානායකලයි අතර සම්බන්ධයක් ඇති කඩේ ළමයා කිවේය.

පිස්සුද ළමයා සේනානායකලා එඩී ජයමාන්නගේ චිත්‍රපට බලන්න ඇති ඒ ඇරෙන්න සේනානායකලට එඩි ජයමාන්න එක්ක වෙනම සම්බන්ධයක් නැහැ කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

එහෙම නම් දොන් සිරිසේන එකක සේනානායකට සම්බන්ධයක් තියෙනවාද කියා කඩේ ළමය ඇසුවේය.

විකාරද ළමයා සේනානායකයි දොන් සිරිසේන අතර සම්බන්ධය කොහෙන්ද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

අඩුම තරමේ බන්දු සමරසිංහගේ පරම්පරාව එක්කවත් සම්බන්ධයක් නැද්ද කියා කඩේ ළමයා ඇසුවේය.

බන්දු සමරසිංහගේ ඥාති කෙනෙක් සේනානායක කෙනෙක් හිටපු පක්ෂ කිිටපු පක්ෂයකින් මැතිවරණයකට තරග කලා වගේ මතකයක් තියනවා. ඒත් බන්දුටත් සේනානායකලා එක්ක වෙනත් සම්බන්ධයක් නැහැ කියා ඉස්කෝලේ මහත්තයා කිවේය.

ඒ කියන්නේ මට වැරදිලාවත්ද? කියූ කඩේ ළමයා, එහෙම වෙන්න බැහැ මොකක් හරි සම්බන්ධයක් තියෙන්න ඕන කියා කිවේය.

මොකක්ද කඩේ ළමයා ඔච්චර දිගින් දිගට හාර අවුස්සන ප්‍රශ්නේ කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ඉස්කෝලේ මහත්තයා චාර්ලි චැප්ලින් ගැන මිස්ටර් බින් ගැන දන්නවා නේද? කඩේ ළමයා ඇසුවේය.

දෙන්නම ජාත්‍යන්තර මට්ටමේ කේලම් කාරයෝ ඉස්කෝලේ මහත්තයා උත්තර් දුන්නේය

එතකොට එඩි, ප්‍රේඩි, දොන්? කඩේ ළමයා නැවත ඇසුවේය.

එඩි, ප්‍රේඩි, දොන් කියන්නේ අපේ තරුණ කාලේ හොඳ බයිස්කෝප් කාර්යෝ. කොමඩි තමා මූණ දැක්කත් හිනා යනවා ඉස්කෝලේ මහත්තයා කිවේය.

බන්දු සමරසිංහ ගැන ගැන ඉස්කෝලෙ මහත්තයා දන්නෙ මොනවද කියා කඩේ ළමයා ඇසුවේය.

එයත් ටෙනිසන් කුරේ වගේ බයිස්කෝප් විහිළුකාරයෙක් නේද ?කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ඇත්ත නේන්නම් මට අමතක උනා. එකටම මෑන්ස්ට ටෙනිසන් කුරේ ඥාතිකමක් ඇති අඩේ ළමයා කිවේය.

ළමයා ඔය කියන්නේ කාගැනද කියලා හරියටම කියනවද ඉස්කෝලේ මහත්තයා කිවේය.

වෙන කාගැනවත් නෙවෙයි ඉස්කෝලෙ මහත්තයෝ මම මේ විපරම් කරල බලන්නේ මේ දවස් වල දේශපාලන වේදිකා හිනාවෙන් කුල්මත් කරන සේනාවට නායක පනින වසන්ත ගැන යයි කඩේ ළමයා කිවේය.

ඒක ද කඩේ ළමයට තියෙන මහලොකු ප්‍රශ්නේ එයා ඔය මොනදේ කලත් කරන්නේ හිතේ කැමැත්තෙන් නෙවෙයි කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

ඉස්කෝලේ මහත්තයා කොහොමද එහෙම කියන්නෙ යයි එවිට කඩේ ළමයා ඇසුවේය.

එයාට සජිත් ගාව ඉන්නම තමයිලු හිත එත් සජිත් වටේ ඉන්න අය හරි නැහැලුනේ ඒකනෙ එයා ඔය පිට පාරට හැරිලා තියෙන්නෙ. ඉස්කෝලේ මහත්තයා කීවේ ය.

සජිත් ළග ඉන්න ය හොඳ නැහැ කියමුකෝ එතකොට ගෝඨාභය ගාව ඉන්නේ කහ වතුරෙන් නාපු පාරිශුද්ධ අයද කියා කඩේ ළමයා ඇසුවේය.

යු.එන්.පි එකේ ඉන්න හිතුනට යු.එන්. පි අයම එයාව පොහොට්ටුව පැත්තට තල්ලු කරනවා කියලා කියනවා නේද කියා ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

එතකොට එයා දින 52 හොර ආණ්ඩුවට රින්ගුවෙත් යුඑන්පී එකෙන් තල්ලු කළ නිසාද කියා කඩේ ළමයා ඇසුවේය,

සමහර වෙලාවට තල්ලු කළේ මෛත්‍රී මහත්තයා වෙන්න පුළුවනි. ඉස්කෝල මහත්තයා නැවතත් කිවේ, ඒ වෙලාවේ එස්.බිත් තල්ලු කරන ව්‍යාපාරේ හිටියනේ රංගේ බණ්ඩාරට තල්ලුවක් දෙන්න හැදුවා වගේ මෙයාටත් තල්ලුවක් දුන්නද දන්නේ නෑ කියාය.

මමනම් හිතන්නේ එයා දවස් 52 ආණ්ඩුවට ගියේ තල්ලුවක් නිසා නෙමෙයි ආකර්ෂණයක් නිසායැයි කඩේ ළමයා කීවේය.

මොන ආකර්ෂණයක් ගැන ද කඩේ ළමයා කියන්නේ යයි ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ආයේ මොනවද සල්ලි මල්ලයි ඇමති කට්ටයි සේනානායක කරනම් රජා වුනා කඩේ ළමයා කිවේය.

මම නම් හිතන්නේ ඕක ගමේ ප්‍රශ්නයක් යැයි මෙතෙක් සංවාදය අසා සිටි මුදලාලි මැදිහත් වෙමින් කීවේය

ගම කියල කිව්වෙ උපන් ගමද කියා කඩේ ළමයා ඇසුවේ ඒ ජාතියේ වැඩ කරන තවත් අය ගැන මතක් කරමිනි . ඔහුට මුලින්ම මතක් වූයේ දයාසිරිය ඊළඟට එස්.බි ය , නමුත් ඒ කිසිවෙක් සේනානායකගේ ගමේ අය නොවෙයි

උපන්ගම නෙමේ ඡන්දෙට ගිය ගම පොලොන්නරුව කියා මුදලාලි කිවේය.

මුදලාලි මොකද එහෙම කියන්නේ ඉස්කෝලේ මහත්තයා ඇසුවේය.

ඇයි මහත්තයෝ යහපාලනය කරන්න පොළොන්නරුවෙන් ආපු හාදයාත් එයාට දෙවෙනි නැහැ නේද? පොහොට්ටු කුළුණෙන් සල්ලි ගිල්ල කියනවා ගිල්ල අයටම උදව් කරනවා. හමුදා මූලස්ථානයට කුලේී ගෙව්වා කියනවා ඒක කරපු අයට ම උදව් කරනවා ,අඩි හයක් යට යවන්න හැදුවා කියනවා යවන්න හදපු අයටම සපෝර්ට් එක දෙනවා මුදලාලි කිවේය.

ඉස්කෝලේ මහත්තයෝ අප්ප කළ දේ පුතා නොකළොත් එයාට කියන්නේ මොන පුතා කියලාද කඩේ ළමයා ඇසූහ.

අප්පා කල දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතා කියලා තමයි කියන්නේ යයි ඉස්කෝලේ මහත්තයා කිවේය.

එතකොට අප්පා නොකළ දේ පුතා කලොත් එයා කාගේ පුතාද කියා කඩේ ළමයා ඇසුවේය.

එහෙම පුතෙකුට කියන නමක් නම් ඉතිහාසයේ වත් නැහැ කියා ඉස්කෝලේ මහත්තයා කිව්වේය

එතකොට අප්පා අත්තා මුත්තා මීමුත්තාවත් නොකළ දෙයක් කරන පුතාටත් කියන්න වචනයක් නැද්ද කියා කඩේ ළමයා ඇසුවේය

එහෙම නමකුත් මම දන්නේ නැහැ කියා ඉස්කෝලේ මහත්තයා කීවේය.

දැන් බලාන ගියාම මේ ඩබල අමුතුම සත්තු දෙන්නෙක් යයි කඩේ ළමයා කිවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *