තියෙනවා නම් පෙන්නන්න බැරිය බැරි ඇයි – සිරිසේන රාජපක්ෂ

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ අලි සබ්රි මහතා පවසන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ඇමරිකානෙරිකානු පුරවැසියකු නොවේ. එනම් ඒ මහතා මේ වනවිට ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇත .


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව පක්ෂය සහ එහි මුල් පෙළ කසකරුවන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල වැන්නන් මුල පටන්ම ක්‍රියා කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල පුරවැසි ප්‍රශ්නයට සහ ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයට සෘජුව මුහුණ දීමට නොව නන්දොඩවමින් එම ප්‍රශ්නය මගහැර යාමට ය. අලුතින්ම එම උත්සාහයට ඉත්තෙකු බවට පත් වී ඇත්තේ නීතිඥ අලි සබ්රි මහතාය

ප්‍රවෘත්ති සාකච්ඡාවකදි නීතිඥ අලි සබ්රි මහතා කියනු පෙනුණේ ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට වන සහතික මැතිවරණ කොමිසම්ට ඉදිරිපත් කර ඇති බවය. අලි සබ්රි මහතා වැඩිදුරටත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූලව ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කරගෙන ඇති බව ය. එහෙයින් ගෝඨාභය මහතා තවමත් ඇමරිකානු පුරවැසියෙක් වන බවට පැතිරෙන කට කතා වල සත්‍යයක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අලි සබ්රි මහතා කියනු පෙනුණේ අවශ්‍ය අංශ වෙත ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවයට අදාළව ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවයි. තම තර්කය වඩාත් තහවුරු කිරීමේ අදහසින් යුතුව නීතිඥ නීතිඥවරයා වැඩ්දුරටත් කියන්නේ උප්පැන්නය අවශ්‍ය තැනට උප්පැන්නය ඉදිරිපත් කරන ආකාරයට ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ලිපි ලේඛන අවශ්‍ය තැනට එනම් මැතිවරණ කොමිසම්ට ඉදිරිපත් කළ බවයි

තම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම පිලිබඳ සහතික මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේය යන්න සම්බන්ධයෙන් ද තවමත් ගැටලු තිබේ .හේතුව එවැන්නක් තමන්ට ලැබුණු බවට හෝ තමන් වෙත මෙවැන්නක් ඉදිරිපත් කර ඇති බවට නිල වශයෙන් ප්‍රකාශයක් මැතිවරණ කොමිසමෙ මෙතෙක් නිකුත් කර නොමැති වීමයි. ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව මෙන්ම ඔහු මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය සම්බන්ධව ගැටලු පැවතිය හැකි බවට සාක්ෂියක් තිබේ. ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් ආකාරය ප්‍රශ්න කරමින් චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ මහත්වරුන් උසාවිය හමුවේ ගොනු කළ පෙත්සම අවස්ථාවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැසිරුණ ආකාරයයි. එම අවස්ථාවේ එම පක්ෂය හදිසියේම චමල් රාජපක්ෂ මහතාටද ජනාධිපති මැතිවරණය සඳහා ඇප තැන්පත් කරන මට්ටමට පත් වූයේ ගෝඨාභය මහතා සම්බන්ධව අධිකරණය කුමන තීන්දුවක් ලබා දෙනු ඇති ද යන සැකය නිසා බව විශ්වාස කළ හැකිය.

තේනුවර මහතා සහවියන්ගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම උසාවියෙන් ඉවත් කළ අවස්ථාවේ රාජපක්ෂ හිතවාදීන් සහ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතන උත්සාහ කලේද ගෝඨාභය මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අධිකරණයේ විසින් තහවුරු කරන ලද්දේ ය යන අදහස සමාජගත කරන්නට ය.එහෙත් ඇත්ත වශයෙන් සිදු වූයේ ගෝඨාභය මහතාගේ පුරවැසිභාවය තහවුරු වීමක් නොවේ. අධිකරණය එහිදී කර තිබුණේ පෙත්සම්කරුවන්ගේ අරමුණ පිළිබඳ ප්‍රශ්න කරමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමයි. ඒ කියන්නේ ඒ වනවිට ගෝඨාභය මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී නොසිටින්නේ නම් නඩු විභාගයේ තීරණය වෙනස් එකක් වන්නට ඉඩ තිබුණු බවය

තම ඇමරිකානු පුරවැසිභාවය වසන් කිරීම වෙනුවෙන් ගෝඨාභය මහතා, ඔහුගේ කල්ලිය සහ එම කල්ලියේ ජනමාධ්‍ය තවත් තුරුම්පුවක් නඩු විභාගයට පෙර ද පාවිච්චි කරන්නට වූ උත්සාහ කළේය. එනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළ බවට සහතිකයක් ඇයි හඟවා කූට ලේඛනයක් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමය. එහෙත් එම ලේඛනයේ දිනය සාවද්‍ය බව එසැණින්ම ඔප්පු වූ බැවින් එයද වැරදුනු කුරුමානමක් බවට පත්විය

ගෝඨාභය මහතා ඇතුළු පිරිස මේ වන විට මුහුණ දී ඇති අභියෝගය එල්ල වී ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන්ය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය ජනාධිපතිවරණයට පෙර ඉදිරිපත් කරනු යනුවෙන් මංගල සමරවීර මහතා ගෝඨාභය මහතාට කර ඇති අභියෝගයයි. ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමේ DS 4069 දරන සහතිකය ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය මහතා ඉදිරිපත් කළ යුතු බව එහිදී මංගල සමරවීර ඇමතිවරයා පැවසුවේ ය.

මංගල සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැර නැති බවය. ගොඨාභය මහතාගේ බිරිඳ සහ පුත්‍රයාද ඇමෙරිකානු පුරවැසියන් බව සමරවීර මහතා පෙන්වාදෙයි. පවතින තත්ත්වය තුළ ගෝඨාභය මහතා මෙරට ජනාධිපති වුවහොත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඇමෙරිකානු පුරවැසියෙකු වනු ඇති බවද මංගල ඇමති ඇමතිවරයා කියයි. එපමණක් නොව එවිට ජනාධිපති ආර්යාව වනු ඇත්තේ ද ඇමෙරිකානු ජාතික කාන්තාවක් බව මංගල ඇමතිවරයාගේ අදහස යි

.මංගල සමරවීර මහතාගේ තර්කය නිවැරදිය. ගෝඨාභය මහතාට තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමෙන් පමණක් නිදහස් වීමට හැකියාවක් නැත. තම බිරිඳගේ සහ දරුවාගේ ද ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඒ බව රටටත් ජනතාවටත් හමුවේ සැකයකින් තොරව ඔප්පු කරන්නට ගෝඨාභය මහතාට යුතුකමක් තිබේ. ගෝඨාභය මහතාත් ඔහුගේ හිතවාදී කණ්ඩායමත් මෙරට ජනතාවගේ හිස මත පටවමින් සිටින්නේ දැඩි ඇමරිකන් විරෝධී මතයක් වන බැවින් ගෝඨාභය මහතාට මේ ගැන ඇති වගකීම් වඩාත් බරපතළ වෙයි.

නමුත් ඒ වෙනුවට ගෝඨාභය මහතා කරමින් සිටින්නේ නීතිඥයන් යොදවා නොයෙකුත් කතා කියමින් ප්‍රශ්නය මඟහැර යාමය. යම් හෙයකින් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට සහතික ඔහු මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇත්නම් එම සහතික ජනතාවටද ඉදිරිපත් කරන්නට ඔහුට නොහැකියාවක් නැත.

ඒ වෙනුවට ඔහුගේ නීතිඥයා කියන්නේ අවශ්‍ය තැන් වලට ඒවා ඉදිරිපත් කළ බවයි. ඉන් අදහස් වන්නේ තමන් ඡන්දය පාවිච්චි කරන්නට සිටින ජනාධිපති අපේක්ෂකයා ඇමරිකානු පුරවැසියෙක් ද ශ්‍රී ලාංකිකයෙක් ද? යන්න දැන ගැනීමට මෙරට ඡන්දදායකයන්ට අවශ්‍ය නැති බව ද ?

විමල් වීරවංශ වැනි කෙල කොලු කතා කියන්නන් යොදවා මංගල සමරවීර මහතාට අපහාස මුඛයෙන් කතා කරවීමෙන් ප්‍රශ්නයෙන් මඟහැර යාමට ගෝඨාභය මහතාට හැකියාවක් නැත. ගෝඨාභය මහතා තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවට සහතික මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ බව අලි සබ්රි මහතා කියන්නේ නම් එම සහතික වල පිටපත් කල් නොයවා ජනමාධ්‍ය වෙත ඉදිරිපත් කළ යුතුය.

ජනාධිපතිවරණයඅත ළඟ තබා එම සහතික ඉදිරිපත් කරන්නේ නම් එය ද පිළිගත නොහැකිය. මන්ද එවිට ඒවාහි සත්‍ය අසත්‍යතාවය නිවැරැදිව තීරණය කරන්නටට ජනතාවට කාලයක් නොලැබෙන බැවිනි . එපමනක් නොව තම බිරිඳ හා දරුවන් ඇමරිකන් පුරවැසියන් නොවන බවද ඒ මහතා වහාම ඔප්පු කළ යුතුය. මන්ද මෙරට ජනාධිපති ආර්යාව ඇමෙරිකානු කාන්තාවක් වීම බරපතල ගැටලුවක් වන බැවිනි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *