නීතිගරුකකම වචනයට පමණි – සම්පත් අමරසිංහ

තමා ජනාධිපතිධුරයට පත් වුවහොත් රටේ විනය ගොඩනැගෙන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන්නටත් පෙර සිටම තමා රටේ නිතිය හෝ සදාචාරය නොතකන තැනැත්තෙකු බව ඔප්පු කරමින් සිටියි. අප එසේ කියන්නේ මේ වනවිටත් ඔහු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුකාරවරුන්ගේ බලය සිය මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරම්න් සිටින බැවිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හෝ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හෝ රටේ නිතිය දේශපාලන සදාචාරය පිළිබද යම් පමණ හෝ සිතන්නේ නම් සහ රටේ නීතියට ගරු කරන්නේ නම් මුලික වශයෙන් ඔවුන් පවතින මැතිවරණ නීතියට ගරුකළ යුතුවේ.

මැතිවරණ නීති කොමිසමේ නියෝග නොතකා මේ වනවිටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පත්ව සිටින ආණ්ඩුකාරවරු තිදෙනෙක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බලය ලත් දිස්ත්‍රික් නියෝජිතයන් වශයෙන් පත්කර ඇත. එයින් පැහැදිලි වන්නේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සහ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මේ වනවිටත් නිතිය ඉක්මවා කටයුතු කරන බවයි.

ඉහත ආකාරයට ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බලය ලත් දිස්ත්‍රික් නියෝජිතයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ නැගෙනහිර ආණ්ඩුකාර ශාන් විජලලාල් ද සිල්වා උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක වයඹ ආණ්ඩුකාර පේෂල ජයරත්න යන තිදෙනාය. ශාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බලය ලත් නියෝජිතයා ය සරත් ඒකනායක මහතා පත් කරනු ලබා ඇත්තේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් බලයලත් නියෝජිතයාය පේෂල ජයරත්න මහතා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ බලයලත් නියෝජිතයා ලෙස පත් කර ඇත.

ඉහත තිදෙනාට බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාද පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනට සමගාමිව පැවැත්වුණු මුස්ලිම් ජාතිකයන්ගේ හමුවක වේදිකාවේ ප්‍රසිද්ධියේ අදහස් දක්වන ආකාරය දක්නට ලැබුණි.මෙකි සිවු දෙනාටම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වන්නේ නම් ආණ්ඩුකාර තනතුරු වලින් තාවකාලිකව නිවාඩු ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීමට කන් දීමට හෝ ඔවුන් සුදානම් බවක් මෙතෙක් දක්නට නැත.

මැතිවරණ වලදී නිතිය නොතකා කටයුතු කිරීම කටයුතු කිරීම රාජපක්ෂවරුන්ගේ ජාන ලක්ෂණයක් වශයෙන් සැලකිය හැකි වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආණ්ඩුවේ වගකීිවයුතු නිලයක් දරමින් සිටියදීම තම සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප්‍රචාරක කටයුතු වලට එකළ ප්‍රසිද්ධියේ ම සහ සහභාගි වූ බැවිනි

රාජපක්ෂ රෙජීමයේ පසුගිය පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ නීති විරෝධී ලෙස දේශපාලනය නියැලුනා පමණක් නොවේ, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ සේවකයන් ද ඔවුන් විසින් තමන්ගේ මැතිවරණ දේශපාලන කටයුතු සඳහා යොදවා ගනු ලැබුණි .ආණ්ඩුව මගින් සංවර්ධන සහකාර පත්වීම් ලද තැනැත්තන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ය. අමාත්‍යාංශයේ ලේකම්වරයාට පවා ඔවුන්ගේ දේශපාලන කටයුතුවලින් මිදී සිටීමේ හැකියාව තිබුණේ නෑත මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිල් රෙදි බෙදීමේ චෝදනාවට ලක්ව රාජපක්ෂ ආණ්ඩුවේ ඉහල නිලධාරීන්ට අධිකරණයට යෑමටත් බන්ධනාගාර ගතව වීමටත් සිදු වූ බව මෙහිදී මතක් කරන්නට පුළුවන

ජනාධිපති මැතිවරණයක දී රටේ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කරන්නකුට යම් හෙයකින් බලයට ලැබුණ හොත් සිදුවන්නේ කුමක්ද? යන්න ජනතාව කල්පනා කළ යුතුය. ගෝඨාභය මහතාගේ අතීත ක්‍රියාකාරකම් සහ වත්මන් ක්‍රියාකාරකම් අනුව සැකයකින් තොරව ඔප්පු වන්නේ ජනයා ආරක්ෂා කිරීම නීතිය රැකීම ආදී වශයෙන් වන ඔහුගේ ප්‍රකාශ ජනතාව රවටා බලය ලබාගැනීම සඳහා පමණක් කරනු ලබන ඒවා බවය. නීතිය ආරක්ෂා කරන්නට රටේ විනය රකින්නට ඔහුට අල්ප මාත්‍රයෙන් හෝ අවශ්‍යතාවක් ඇත්නම් ඒ බව මේ වන වනවිට ඔහු ඔප්පු කල යුතුය. ඔහු දිගින් දිගටම කරමින් සිටින්නේ තමා නීතිය ගරු නොකරන විනයක්තැ රහිත නැත්තෙකු බව ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *