සාක්ෂි විමසුම් කොමිසමේ සභාපති ලාල් විජේනායක

නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට, මහජන අදහස් ලබාගැනීම සඳහා පසුගිය දා නියෝජියින් 21 දෙනෙකුගෙන් කොමිසමක් පත්කළ අතර එම කොමිසමේ සභාපතිවරයා ලෙස ලාල් විජේනායක මහතා පත්කර ඇති බව යුක්තියට වාර්තාවේ. ඉදිරියේ දී එම කොමිසම විසින් දී ජනතා අදහස් ලබාගැනීමට නියමිත ඇති අතර ඒ සඳහා සති 3ක කාලයක් වෙන්වෙනු ඇතැයි දැනගන්නට තිබේ. එම මහජන අදහස් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට සැළසුම්කර තිබේ.
නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ යෝජනාව, ලබන ජනවාරි 09වෙනිදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ අනුව සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා කෙටුම්පත් මණ්ඩලයක් බවට පත්වෙන බව සඳහන් ය. 1972 දී මෙන් මෙවර පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් වන්නේ නැත. උක්ත කෙටුම්පත් මණ්ඩලය සකස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බව දැනගන්නට තිබේ. අනතුරුව, කැබිනට් මණ්ඩලය විසින් එය ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරෙන බව ආණ්ඩුවට සම්බන්ධ ව්‍යවස්ථා විශේෂඥයෙකුගෙන් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *