ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණයට

රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත් තේනුවර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුවේ ගාමිණී වියන්ගොඩ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *