නිරායුධ මිනිස්සුන්ට වෙඩි තැබීමෙන් මන්දමානසික තරුණියක් දූෂණය කිරීමෙන් ගෝඨාභය ආවොත් වෙන දේ පැහැදිලියි – සමන් රත්නප්‍රිය

සනීපාරක්ෂක තුවා ගැන සජිත් මහත්තයා කියපු කාරණාව විද්‍යාත්මක කාරණාවක්, ගැහැනු දරුවන්ට, අම්මලට අත්‍යාවශ්‍යම කාරණාවක්. ලෝකෙ පිළිගත්ත කාරණාවක්. ඩෙන්මාර්ක රජය ඒක මුලින්ම නොමිලෙ දුන්නා. ඒ කාරණාව ගැන කතාකරන කොට අපේ රටේ සමහර කාන්තාවො මාධ්‍යයට ඇවිල්ලා, නළු නිළියො ඇවිල්ලා, මේක අපිට ලජ්ජාවක් කියලා බෙරිහන් දෙන්න පටන් ගත්තා. බෙරිහන් දුන්න තරුණියන්ට අර මන්ද මානසික කරුණිය දූෂණය කරනකොට කිසිම බෙරිහන්දීමක් නෙමේ. ඒ ගැන අදහසක්වත් නෑ. ඒක වැරදියි කියන්න කට හෙල්ලෙනෙ නෑ. වේදිකාවට නගිනකට සන්තෝෂම් හම්බ වුණාට තමන් කරන දේ කියන දේ ප්‍රතිපත්තියක් ඇතිව කරන්න පුරුදු වෙන්න. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය එසේ පැවසුවේ ඊයේ (11) රාජගිරියේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. තවදුරටත් කරුණු දැක්වු රත්නප්‍රිය මහතා මෙසේ ද කීවේය. 

අපි ජනතාවගෙන් ඉල්ලන්නේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්, රට සමෘද්ධිමත් කරන්න පුළුවන්, ඒ වගේම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න පුළුවන් කාටද ඒ පුද්ගලයාට තම ඡන්දය පාවිච්චි කරනයි කියන එක. අපේ තේරීම පැහැදිලිවම නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයයි. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රතිපත්තිවලට එකඟ නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා නොවැම්බර් 16 වෙනිදාට තමන්ගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ හංසයා ලකුණ ඉදිරියේ ප්‍රදාශ කරලා රට ඉස්සරහට ගෙනියන්න කටයුතු කරන්න කියල.

අපි කියපු කාරණා තොගයක්ම අපි පහුගිය කාලේ දැක්කා. ඝාතන පිළිබඳව, දූෂණ පිළිබඳව, වංචා පිළිබඳව, නිවැරදි දැක්මක් නැතිකම, මානුෂික එකඟතාවයක් නැතිකම ඒ සියලු දේවල් පිළිබඳව බරපතළ විවේචනයක් අපි ඉදිරිපත් කෙරුවා. අලුතෙන් කාරණා කීපයක් රට ඇතුළෙ සාකච්ඡා වෙමින් තියෙනව. එකක් තමයි මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම, ඒ ගිවිසුම පිළිබඳව ඩලස් අලහප්පෙරුමලා, ඒ වගේම අපේ පූජ්‍ය අතුරලියේ රතන සුවාමින්වහන්සේ මාධ්‍ය හරහා ප්‍රකාශයක් කරනව අපි දැක්කා.

සචින්වාස් ගුණවර්ධන මහත්තයාගෙ හෙළිදරව් කිරීම්, ඒ කියන්නෙ හමුදා මූලස්ථානය ෂැංග්‍රිලා හෝටලයට විකිණීම සම්බන්ධයෙන්. අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවොත්, මොනවගේ තත්ත්වයක් ද මේ රටේ ඇතිවෙන්නෙ කියන කාරණය. ඒ පිළිබඳව මේ මොහොත වෙනකොටත් කරුණු එළිදරව් වෙමින් තියෙනව. සුනාමිය එනකොට සත්තු දුවනවා වගේ. දැනෙන අයගේ ප්‍රතිචාර වලින් අපිට පේනවා එහෙම දෙයක් වෙන්න පුලුවන් කියල.

කෑගල්ලෙ තිබුණ රැස්වීමට හෙම්මාතගමින් තරුණියක් ගියා. ඇය මන්ද මානසික තරුණියක්. ඒ මන්ද මානසික තරුණිය ගෝඨාභයගෙ රැස්වීමට ගියපු එයාගෙ ගෝලබාලයො විසින් දූෂණ කෙරුවා. එහෙම විකෘත්ති මානසිකත්වයක් තියෙන අය තමයි ගෝඨාභය රෙජිමයේ ගෝලබාලයො හැටියට පත්වෙන්නෙ. අපි දැක්කා අකුරුස්ස ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රිවරයා කාන්තාවන් සහ දරුවන් සීයක් දූෂණය කරල පාටියක් දැම්මා. අපි දැක්කා තංගල්ලෙ නගරසභාවෙ නගරාධිපතිවරයා විදේශ තරුණියක් දූෂණ කෙරුවා, ඇයව බේරගන්න ආව ඇයගේ ප්‍රේමවන්තයා මරලා දැම්මා. චූදියන් ප්‍රවේසම් කළා. අත්අඩංගුවට ගත්තෙ නෑ. අන්තිමට ඒංගලන්තයේ පාර්ලිමේන්තුවෙ යෝජනාවක් සම්මත කරන්න සිද්ධ වුණා මේකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා. යෝජනා සම්මත කෙරුවයින් පස්සෙ මෙහෙ අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්ම කෙරුවෙ. එහෙම තත්ත්වයක් තමයි තිබුණේ ඉතිහාසයේ. දැන් යම් යම් ඉඟි පහළ වෙමින් තියෙනව. එස්.බී. දිසානායකගෙ ආරක්ෂකයින් යැයි කියාගන්නා පිරිසක් එයාගෙ රථයට යන්න පාර ඉඩදුන්නෙ නෑ කියලා නිරායුධ මිනිසුන්ට වෙඩි තිබ්බා. පාරේ වාහන ගමන් කරනකොට එහෙම වෙනවා. එහෙම කියලා වෙඩි තියන්න අයිතියක් නෑ. එස්.බී. දිසානායකලාගෙ ගෝලයෝ දිනන්නත් කලින් මේ රටේ පුරවැසියන්ට වෙඩි තියනව නම්, ආවයින් පස්සෙ කරන්න හිතාගෙන ඉන්න කාරණා හරිම පැහැදිලියි. ඔවුන් බලයට ආවොත් මර්ධනය ක්‍රියාත්මක වන බව, මිනීමරන බව, සාමාන්‍ය කාන්තාවන් පමණක් නෙමෙයි මානසික දුබලතාවන්ගෙන් යුක්ත දරුවො පවා දූෂණය කරන බව හරිම පැහැදිලියි.

සනීපාරක්ෂක තුවා ගැන සජිත් මහත්තයා කියපු කාරණාව විද්‍යාත්මක කාරණාවක්, ගැහැනු දරුවන්ට, අම්මලට අත්‍යාවශ්‍යම කාරණාවක්. ලෝකෙ පිළිගත්ත කාරණාවක්. ඩෙන්මාර්ක රජය ඒක මුලින්ම නොමිලෙ දුන්නා. ඒ කාරණාව ගැන කතාකරන කොට අපේ රටේ සමහර කාන්තාවො මාධ්‍යයට ඇවිල්ලා, නළු නිළියො ඇවිල්ලා, මේක අපිට ලජ්ජාවක් කියලා බෙරිහන් දෙන්න පටන් ගත්තා. බෙරිහන් දුන්න තරුණියන්ට අර මන්ද මානසික කරුණිය දූෂණය කරනකොට කිසිම බෙරිහන්දීමක් නෙමේ. ඒ ගැන අදහසක්වත් නෑ. ඒක වැරදියි කියන්න කට හෙල්ලෙනෙ නෑ. වේදිකාවට නගිනකට සන්තෝෂම් හම්බ වුණාට තමන් කරන දේ කියන දේ ප්‍රතිපත්තියක් ඇතිව කරන්න පුරුදු වෙන්න.

මෙම මාධ්‍ය සාකච්ඡාවට මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාරය පිලිප් දිසානායක මහතා, නීතිඥ දුලාන් දසනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *