ජනාධිපති සිරිසේන, දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න යනවා – හිරුණිකා ප්‍රේමචන්ද්‍

සිය ධූර කාලයෙ අවසන් දින කිහිපය ගෙවමින් සිටින ශ්‍රීලංකා ඉතිහාසයේ පහල වූ අසාර්ථකම මෙන්ම අපකීර්තිමත්ම ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ඊයේ දිනයේදී රෝයල් පාක් සිදුවීමට ජනාධිපති සමාව පිරිනැමීය. සිය සොහොයුරියගේ මරණයෙන් කම්පිතව සිටි වූ ඉවෝන්ගේ සොහොයුරිය, සිරිසේනගෙ මෙම තීරණය දැඩිව විවේචනය කලද ඉන් පලක් නොවීය.

රොයල් පාක් සිද්දියේ ජූඩ් ඒ මිනිමැරුම සිදුකලේ කිසිසේත්ම අත්වැරදීමකින් නොවේ. ඔහු කොළඹ ප්‍රකෝටිපති පවුලක දරුවකු වූවා සේම නයිට් කලබ් යන එන ප්‍රචන්ඩකාරී හැසිරීම් දැක්වූ පුද්ගලයෙකු විය.

එවන් පුද්ගලයෙකු ජනාධිපති සමාව දී නිදහස් කිරීමෙන් සිරිසේන ජනාධිපතිවරයා සිය ජනාධිපතිධූරයේ ඇති එක් බලතලයක් අත්තනෝමතික ලෙස භාවිත කලා සේම ඒ හරහා මීළඟට පත්වීමට නියමිත ජනාධිපතිවරයාට ඉතා අශිෂ්ට පූර්වාදර්ශයක්ද සපයන ලදි.

මේ පිළිබඳව අද මාධ්‍ය හමුවකදී මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අදහස් දක්වමින් කියා සිටියේ රෝයල් පාර්ක් සිදුවීමට ජනාධිපති සමාව දීමෙන් අනතුරුව, භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සිදුවීමට අදාලව දඬුවම් හිමි වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න යන බවයි.

මේ පිළිබඳව ඇය දැක්වූ අදහස් පහතින්,

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *