යාපනේ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ප්‍රථම ගුවන් ගමන අද දවල් චෙන්නායි වෙතට

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද දවල් 12.45ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්වීය. එය දහවල් 2.10ට චෙන්නායි වෙත ළඟා වු බව වාර්තා වීය.

එලායන්ස් එයාර් සමාගමේ ගුවන් ගමන් අංක 91 – 102 යටතේ ගමන් කළ මෙම ගුවන් යානයේ උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් මහතා ද ගමන් කළේය.

මෙම ගුවන් සමාගම විසින් සඳුදා, බදාදා, සිකුරාදා දිනවල ගුවන් ගමන් දෙකක් බැගින් චෙන්නායි හා පලාලි අතර පියාසර කිරීමට නියමිතය. 91 – 102 ගමන ප.ව. 12.45ට යාපනයෙන් පිටත් වී ප.ව. 2.10ට චෙන්නායි වෙත ළඟාවෙයි. 91 – 101 ගුවන් ගමන පෙ.ව. 10.35ට චෙන්නායි ගුවන් තොටුපළින් පිටත්ව දහවල් 12.00ට පලාලි වෙත ළඟාවෙයි.

දේශීය ගුවන් ගමන් සඳහා පමණක් සීමා වී තිබු පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර මට්ටමට දියුණු කිරීමට රුපියල්  බිලියන 2.2න මුදලක් වැය කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *