ගෝඨාට සහය දෙන ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකු නිවාඩු යවන්නැයි මැකො සභාපති ජනාධිපතිට කියයි

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අධාර කරන ආණ්ඩුකාරවරුන් හතර දෙනෙකුට නිවාඩු ලබාගන්නා ලෙස උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට අධාර කරන ආණ්ඩුකාරවරුන් ලෙස නම්කර ඇත්තේ ඒ.ජේ.එම්. මුසාමිල්, පේෂල ජයරත්න, සරත් ඒකනායක හා ශාන් විජේලාල් යන ආණ්ඩුකාරවරුන්ය.

මෙම සතර දෙනාට නොවැම්බර් 18 දා දක්වා නිවාඩු ලබාගන්නා ලෙසත් එම කාලය තුළ දේශපාලන ක්‍රියාවල නොයෙදෙන ලෙසත් උපදෙස් දෙන ලෙස මැකො සභාපතිතුමා දන්වා ඇත.

මෙම කාලය තුළ ඔවුන්ගේ වාහන ඇතුළු රාජ්‍ය දේපළ භාවිතයද නවතා දමන ලෙස උපදෙස් දෙන ලෙසද මැකො සභාපතිවරයාගේ ලිපියේ සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *