ජනාධිපතිගේ, ඇමතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ස්ථිර කරන කැබිනට් ප්‍රතිකාව ඉවතට

ජනාධිපතිවරයාගේ හා මැති ඇමැතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය ස්ථිර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබු යෝජනාව අද ඉවත්කරගෙන ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කොට තිබිණි.

පළමුව ජනාධිපතිවරයාට අවශ්‍ය වුයේ තමා ධුරයෙන් සමුගන්නට පෙර තම කාර්ය මණ්ඩලය ස්ථිර සේවයේ පිහිටුවීමටය. එවිට වජිර අබේවර්ධන ඇමැතිවරයා යෝජනා කොට ඇත්තේ ඒ සමගම අගමැතිතුමාගේ, ඇමැතිවරුන්ගේ, රාජ්‍ය ඇමැතිවරුන්ගේ ආදි සියලු දෙනාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය ස්ථිර කිරීමටය. අවසානයේ ඉල්ලා අස්කරගෙන ඇත්තේ එම යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකාය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *