ගෝඨා දිනෙව්වොත් ඉඩම්, පොලිස් බලතල අපිට ලබාගත හැකියි: කරුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිය තුළ තමන් දකින ආකර්ෂණීයම ප්‍රතිපත්තිය නම් උතුරට හා නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමට එකඟවීම බවත් එල්ටීටීඊ සිරකරුවන් නිදහස් කිරීමට එකඟවීම බවත් එල්ටීටීඊ සංවිධානයේ දෙවැනියා මෙන්ම, නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මා හෙවත් විනයාගමූර්ති මුරලිදරන් විසින් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන් ඇතුළු කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දෙන්නේ නැගෙනහිර පළාත් සඳහාද දෙමළ ආණ්ඩුකාරවරයෙකු ලබාගැනීමේ අරමුණෙන් යැයිද එහිදී ඔහු අවධාරණය කරයි.

“දෙමළ දේශපාලනඥයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔබ දකින ආකර්ෂණීයම ප්‍රතිපත්තිය කුමක්ද?” යැයි මාධ්‍ය වේදියා විමසා සිටින අතර එහිදී කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසන්නේ, “අපිට මුලින්ම අවශ්‍ය වන්නේ ඉඩම් බලය ලබාගැනීමයි. ඊට සමගාමීව යම් පොලිස් බලතල ප්‍රමාණයක් උතුරු නැගෙනහිර පළාත්වලට අවශ්‍යයි.

මොකද දෙමළ පොලිස් නිළධාරීන් එම ප්‍රදේශවලට පත් කළ යුතුයි. ඊළඟට දේශපාලන සිරකරුවන් 124ක් ඉන්නවා. ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පසුව මේ පිරිස නිදහස් කරගත යුතුයි.

මම ඒ පිළිබඳව පෞද්ගලිකවම ඔහුට ඉල්ලීමක් කරලා තියෙනවා.”

නැගෙනහිර පළාතට දෙමළ ආණ්ඩුකාරවරයෙක් සහ දෙමළ මහ ඇමතිවරයෙක් අවශ්‍යයි…

“අපිට නැගෙනහිර පළාතට දෙමළ ආණ්ඩුකාරවරයෙක් අවශ්‍යයි. දෙමළ මහ ඇමතිවරයෙක් අවශ්‍යයි. ඒ නිසා තමයි අපි ගෝඨාභයට සහාය දැක්විය යුත්තේ.”

එල්ටීටීඊ සංවිධානයේ දෙවැනියා මෙන්ම, නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස කටයුතු කළ කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන්ගේ මෙම පුවත්පත් සාකච්ඡාවෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් දෙමළ ජනතාවගේ ඡන්දය ලබාගැනීමේ අරමුණෙන් විශේෂයෙන් ඔහු නැගෙනහිර පළාත තුළ ඉතාමත් තදින් ජාතිවාදය වපුරවමින් පෝෂණය කරමින් තිබෙන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ මෙම තත්වය රටේ අනාගතය ඉතාමත් අඳුරු අගාදයක් කරා ගමන් කරවන බවයි. දේශපාලනඥයින් තමන්ට ලබය ලබා ගැනීම සඳහා මෙලෙස ජාතිවාදී මත දැක්වීම් සිදු කිරීමත්, ජාතිවාදී ප්‍රවනතා සහිත දේශපාලන පොරොන්දු ලබාදීමත් සදාචාර විරෝධී මෙන්ම රට දැවැන්ත අනාරක්ෂිත තත්වයකට ඇද දමන්නක් බවයි.

එම නිසා මෙම ප්‍රවනතාවයන් මේ මොහොතේම දේශපාලනිකවත් මතවාදීමය ලෙසත් ජරාජය කළ යුතු බවත් ඒ සඳහා රටේ සියළුම් ප්‍රගතිශීලී සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා නැගී සිටිය යුතු බවත් දේශපාලන විචාරයෝ වැඩිදුරටත් පවසති.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *