ගෝඨා තවමත් ඇමරිකානු පුරවැසියෙක් ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ !

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු  ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා.

මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නැහැ. මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට පෙර නිකුත් කෙරෙන අවසන් ෆෙඩරල් රෙජිස්ට්‍රියයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව ඇමරිකානු රජය විසින් මේ වන තුරු කිසිදු නිල ප්‍රකාශයක් කර නැති නිසා මේ කරුණ හා අදාළව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.

එම ලැයිස්තුව පහතින්

https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-24474.pdf

https://s3.amazonaws.com/public-inspection.federalregister.gov/2019-24474.pdf

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *