සන්නද්ධ අරගලය නිමාවත් සමගම වාණිජ අරගලයට යටත් වූ යාපනයේ අද දවස

අද දවසේ යාපනයට යන කෙනෙtoday  jafna - 1කුට කිසිදු බියක් සැකක්, බාදාවක් නොමැතිව, සුව පහසුව යාපනයට ගොස් පැමිණීමට හැකිය. එම ගමනට පොදු ප‍්‍රවාහනයක් තෝරා ගන්න කැමති අයට දුම්රියෙන් හෝ බස්රථයකින් යාපනයට යාමට හැකිය. දුම්රියෙන් යන අයට සමාන්‍ය දුම්රියකින් හෝ සීඝ‍්‍රගාමී සුඛෝපභෝගී දුම්රියකින් යාපනය යාමට ඒමට හැකිය. බස්රථ මගින් යාපනයට ගමන් කිරීමට කැමති පිරිසට ද සුඛෝපභෝගී මෙන්ම සාමාන්‍ය බස්රථයකින් යාපනය බලා යාමටත් ආපසු ඒමටත් හැකිය.

අද දවසේ පුද්ගලික වාහනයකින් හෝ පොදු ප‍්‍රවාහයක් මගින් හෝ යාපනයට යාමටත්, ආපසු ඒමටත් අද කිසිදු අවහිරයක් නැත. ඉතා දිගු කාලයක් පැවති  ඕමන්ත මුරපොළද වත්මන් රජයෙන් ඉවත් කර ඇත. ඍණාත්මක දේශපාලන අදහස් දෑරූ පුද්ගලයන් එය ඉවත් කිරීම මහා විනාශයක පෙරමග ලකුණු සේ දැක කතාකරන අයුරු අපි දුටිමු. ඇත්තෙන්ම එය ඉවත් කිරීමෙන් ඇති වූ පහසුව කවුරුත් අද අත්විඳිති. පහසුව යනුවෙන් අදහස් කළේ මීට පෙර එම ස්ථානයේ දී පරීක්‍ෂාවට ලක්වීමට ගත වූ කාලය නැtoday  jafna - 2තිවීම හෝ තමන්ගේ බඩුබාහිරාදිය හමුදා භටයන්ට පෙන්වීමට සිදුවන නිසා ඇති වූ අපහසුව නැතිවීම පමණක් නොව, ‘තමනුත් මේ රටේ පුරවැසියන් පිරිසක් නම්, සැකයකට භාජන වී පරීක්‍ෂාවට ලක්විය යුතුද?’ යන්න ප‍්‍රශ්නයක්ව තිබූ පිරිසකට එම ගැටළුව ඉවත් වී මානසික නිදහසක් ලැබීමය. යුද්ධය හා සාමය පැවති සමයේ දී නම් මෙම  ඕමන්ත මුරපොළ ළ`ග දී තම අනන්‍යතාවය තහරු කළ යුතුවාක් මෙන්ම රැුගෙන යන සියලූම භාණ්ඩ සම්පූර්ණ පරීක්‍ෂාවකට ලක්කරනු ලැබීය. භාණ්ඩ ප‍්‍රවාහන සඳහා ලොරි රථවලට පැය කීපයක්  එම ස්ථානයේ රැුඳී පරීක්‍ෂාවට ලක්විය යුතුව තිබිණි. ඇතැම් විට දවසක් පමණ පමාවන අවස්ථාද තිබුණි.

යුද්දය හමාරවීමෙන් පසු කලෙක සිදු වූයේ වාහනයේ අංකය ලියා ගැනීමත් සිය අනන්‍යතාවය තහවුරු කිරීම පිණිස ජාතික හැඳුනුම්පත හෝ පාස් පොට් එක හෝ අදාල ලියවිල්ලක් පෙන්වීමය. දැන් ඒ කිසිත් නැත. නිදහසේ යාම් ඊම් කළ හැකිය. එය මා දකින්නේ සාධනීය පියවරක් ලෙtoday  jafna - 3සය. එහිදී ඇතිවෙන රස්තියාදුව නැතිවූ නිසා නොව, එය විශ්වාසය තහවුරුවීම පිළිබඳ ප‍්‍රශ්නයක් මෙන්ම ආත්මාභිමානය පිළිබඳ ප‍්‍රශ්නයක් විසඳීමකි. අපි එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබිය යුතුය.  එකිනෙකා කෙරෙහි සැකයෙන් සිටින විට සිදුවන්නේ සැකයේ බීජය දළුලා දෑවැන්ත වෘක්‍ෂයක් බවට පත්වීමය.

අද කිසිදු බාධකයකින් තොරව යාපනයට යන අයෙකුට කොටි (පොදු හැඳින්වීම අනුව* හිටියේ කොහෙද? යුද්දය තිබුණේ කොහෙද කියා ගැටලූවක් පැනනගින තරමට බැලූ බැල්මට මග දෙපස සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇත. අතරමග හමුවන හමුදා ස්මාරකයකින් හා යුද සමයේදී උතුරේ කැරලිකාර කණ්ඩායම් විසින් පෙරළාදමන ලද, කිලිනොච්චියේ ඇති වතුර ටැංකියත්, හසලක ගාමිණි සෙබලා විසින් today  jafna - 4පුපුරුවා හරින ලද කැරලිකරුවන්ගේ යුධ ටැංකියත් හැරුණු විට වෙනත් නෂ්ඨාවශේෂ නැති තරම්ය. යුද්ධයක් පැවති බවට ඇති මෙම නටඹුන් ඉවත් කරනවාට ජාතිවාදය ඇවිස්සීමෙන් යැපෙන දකුණේ ඇතැම් පුහු සිංහල වීරයන් කැමති නැත. උතුරු දකුණ තුවාලය නිට්ඨාවට සුව වීමට නම්, අවංක කැපවීමක් මෙන්ම යුද්ධයක් පැවති බවට තිබෙන මෙම සාධකද ඉවත්විය යුතු බව මගේ අදහසයි.
අද දවසේ උතුරට යන විවිධ අයට විවිධ උවමනාවන් තිබෙන්නට පුලූවන. යුද්ධය අවසන් වූ විගස, පෝයදාටවත් වැරදීමකින්වත් ගමේ පන්සලට ගොඩනොවන ඇතැම් උපාසක අම්මලා උතුරට ගියේ නාගදීපය වැඳපුදා ගන්නටය. (වන්දනාමාන කර ආපසු එන විට පණපිටින් සිටින කකුළුවෙක් දෙන්නෙක් මිලදී ගත්තේ නිවසට පැමිණ උයා පිහා ගන්නටය. කකුළුවන් උයන්නේ පණ පිටින් තම්බාගත් පසුය. යාපනයේ today  jafna - 5සරුවට වැඞී ඇති මුරුංගා ගසකින් පොත්තක් දෙකක් ගසා ගෙන ආවේ පව මැකෙන්න නොව සැර මැකෙන්න හොද්දට දාන්නය. ‘කොටි හැත්ත මුන් අපා ගතවෙන්න  ඕනැ, මුංගෙ හතර හන්දි කැඩෙන්න  ඕනැ කරපු විනාසයට’ කියමින් මෛත‍්‍රී භාවනාව වඩමින් ඔවුන් ආපසු ආහ.* තවත් සමහරු ගියේ, ‘අපිට දැන් යාපනේටත් යන්න පුළුවන්’ යන යුධ ජයග‍්‍රහණයේ ආශ්වාදජනක හැ`ගීමෙන්ය. තවත් සමහරු ගියේ ‘කට්ටිය යන නිසා අපිත් යනවා’ යන න්‍යායෙන්ය. දොලූකන්දේ ගියා වගේය.

කුමන අරමුණකින් මේ පිරිස උතුරට ගියත් උතුර (යාපනය* දකින්න ඇතතේ, ‘අන්දයන් කිහිප දෙනෙක් අලියා අත පත ගා අලියාගේ හැටි ගැන සිතා ගැනීම’ වගේය.  අලියා ගේ කණ අත පත ගෑ අන්දයා අලියා කුල්ලක් වගේ යයි today  jafna - 6සිතාගත්තේය. වල්ගය අතපත ගෑ අන්දයාට අලියා ඉලපතක් වගේය. කකුලක් අත ගෑ අන්දයාට අලියා වංගෙඩියක් වගේය. ඔවුන් එකිනෙකා එක එක විදිහට අලියා ගැන සිතා ගත්හ.
එහෙත් යාපනය හා යාපනයේ වැසියන් ගැන දන්නේ ඔවුන්ම මිස අප නොවේ. යුද්ධයට පෙරත්, යුද්ධය ආරම්භයේදීත්, යුද්ධය අතර සාම ගිවිසුම කාලයේදීත්, යුද්ධය අවසන් වූ පසුත් උතුරට කිහිපවරක්ම යෑමේ දුලබ අවස්ථාව මට හිමිවිය. මාධ්‍යවේදියෙක් වශයෙන් හා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යට උරදුන් රාජ්‍ය නොවන සංවිධානයක ඡුායාරූප ශිල්පියෙක් වශයෙන්ද විවිධ අවස්ථාවන්හිදී යාපනයට ගොස් ඇති නිසා ප‍්‍රමාණික අවබෝධයකින් යුතුව මේ සටහන තැබිය හැකියයි විශ්වාස කරමි.

today  jafna - 7යාපනය කර්කෂ පරිසරයක් උරුම කරගත් පළාතකි. තද හිරු රෂ්මියත්, ලවණ රස මුසු ජලයත් පරිසරයේ කටුක බව තවත් වැඩි කිරීමට සමත්ය. පිට පළාතක අයෙකුට එම කටුකත්වය විඳ ගැනීම අපහසු තරම්ය. අපට මෙන් මටසිළුටු පරිසරයක් ඔවුන්ට උරුම වී නැත. යාපනයේ වැසියන් එම කටුකත්වයට මුහුණ දුන්නේ  ජන්ම දායදයෙන් උරුම වූ පන්නරයකිනි. ඔවුන් කර්කෂ පොළොවේ හැපෙමින්, ඉතාමත් අවම පහසුකම් යටතේ සිය ජීවිකාව කරගෙන ගියහ. ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මය ය. වී වගාවට වඩා මිරිස්, ලූණු හා එළවළු වගාවට ඔවුන් වඩාත් යොමු වී ඇත්තේ පාරිසරික සාධක මතය. ධීවර කර්මාන්තයද තවත් ආදායම් මාර්ගයකි. නගරයට වෙළඳාම කේන්ද්‍ර වී ඇත.

බහුතරයක් හින්¥න් ජීවත්වන යාපනය නගරයේ හින්දු කොවිල් රැුසක් ස්ථාපිතව ඇත. සෙසු නරගවල ජනගහනයට සාපේක්‍ෂව හින්දු කෝවිල්  රැුසක් ඇත. ඉන් ප‍්‍රධාන කොවිල නල්ලූර් කෝවිලයි. ගවමස් කෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින හින්¥න්ගෙන් බහුතරය නිර්මාංශ ආහාරිකයන්ය.

ආර්ථික විෂමතාවත්, කුල භේදයත්, කෘෂි නිෂ්පාදනයන්ට ස්ථිර මිලක් මෙන්ම අලෙවි මාර්ගයක් නැතිකමත්, විරැුකියාවත්, නිලධාරිවාදය හා ත‍්‍රිවිධ හමුදා හා පොලිස් බලඅධිකාරියේ පීඩනයත්, භාෂාව නිසා ඇති වන සංනිවේදන ගැටළු නිසා රජය සමග ගනුදෙනු කිරීමේ දී ඇති අපහසුතාවත්, විශේෂයෙන්ම උතුරු දකුණ් අවස්ථාවාදී දේශපාලඥයන්ගේ ක‍්‍රියාකාරකම් නිසාත් ඔවුන්ව යුද්ධයකට ඇද දමන ලදී. ඒ කතාව ලියනවා නම් එය පිටු සිය දහස් ගණනක ආර්ථික, සාමාජීය, දේශපාලන විවරණයකි.

today  jafna - 8ඉතා දිගු කතාවක එක් පරිච්ෙඡ්දයකට කොටු වීමට සිදු වුවත්, දැන් අපි අද යාපනය දකින්නට උත්සාහ කරමු. අද යාපනයේ වැසියන් සිරිත් පරිදි සිය ජීවන වෘතීන්ට හා ජීවන රටාවට හැඩගැසෙමින් සිටිති. කවදත් අධ්‍යාපනය අතින් උසස් තත්ත්වයක් අත්පත් කර ගත් යාපනයේ සිසු දරු දැරියන් අදත් එම ඉලක්ක කරා හඹායන අයුරු දක්නට ලැබේ. රජයේ පාසල් හැරුණු විට පුද්ගලික උපකාරක පන්තිකරා මෙන්ම, ජාත්‍යන්තර පාසල් කරා යන සිසු සිසුවියන් ද දක්නට ලැබේ. සුපිරි අධ්‍යාපන කඩ බිහිවෙමින් වරප‍්‍රසාදලත් පන්තියකට සුපිරි පහසුකම් යටතේ අධ්‍යාපනය මිල දී ගැනීමේ අවස්ථාව උදා වී තිබේ. එදා රජයේ ආරෝග්‍ය ශාලාවට පමණ් සීමා වූ රෝගීන් අද පුද්ගලික රෝහල් කරා යමින් වෛද්‍ය සේවාවට ඉහළ මිලක් ගෙවීමට හුරුවී සිටිති. යුද්ධයෙන් පසුව යන්තම් අටවාගත් තැනක ව්‍යාපාර ආරම්භ කළ වෙළෙඳ සැල් වෙනුවට එම තැන්වල විශාල today  jafna - 9සාප්පුය. සුපිරි වෙළඳ සංකීරණ ද බිහි වී ඇතතේ කඩිනමින්ය. මාර්කට් එකේ එළවලූ මාළු විකිණීමේ තරගය ද එකිනෙකා පරයමින් පවතී. මිල උච්චාවචනය වෙන්නේ ඉල්ලූම සැපයුම අනුවය. ආර්ථික විද්‍යා න්‍යායයන් පොදුය. මේ දිනවල එලවළු ගිනි ගණන්ය. අමු මිරිස් කිලෝව රු.1200/කි. පසුගිය දිනවල එක දිගට වට වරුෂාවෙන් භෝග විනාශ වී ඇත. අද යාපනයට එළවලූ යන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. අගනුවර පළවෙන  ඕනෑම පුවත් පතක්, සගරාවක් යාපනයේ දී ද මිලදී ගත හැකිය. යාපනයේ ජනයා වඩාත් උනන්දු වෙන්නේ යාපනයේම ප‍්‍රකාශයට පත්වෙන ‘උදයන්’ පුවත්පත කියවීමටය.

යාපනයට මා ගිය ගමනේ මුඛ්‍ය අරමුණ වූයේ වර්ධරාජා පෙරුමාල් සමග සම්මුඛ සාකච්ඡුාවක් කිරීමටය. ඔහු විසින් මා උණුසුම් අන්දමින් පිළිගෙන සාකච්ඡුාවකට ඉඩහසර ලබා දුනි. සිංහල මාධ්‍යයක් සඳහා වසර 15 කට පසු සාකච්ඡුාවක් ලබා දුන්නේ මාහට බව ඔහු පැවසීය. (එම සාකච්ඡුාව අප යුක්තිය ‘අඅඅගහමනඑයසහ්ගකන’ වෙබ් අඩවියේ පළවිය.* එම සාකච්ඡුාව අවසන්ව යාපනයේ දී හමුවූ ප‍්‍රවීන today  jafna - 10මාධ්‍යවේදී ජෝ සෙනෙවිරත්න මෙන්ම, ඔහුගේ මිතුරෙකුවන ආචාර්ය ධනුෂ්ක ගනේගොඩ සමග මම යාපනය කොටුව බලන්නට ගියෙමි. යුද්ධය පැවති සමයේ දී යාපනයේ කොටුව විශේෂ කේන්ද්‍රස්ථානයකි. එය යුධ මෙහෙයුම් අතින් වැදගත් ස්ථානයක් මෙන්ම, රජයේ ප‍්‍රචාරක මෙහෙයුම් අතින් ද වැදගත් තැනක් ගත් ස්ථානයකි. යාපනයේ කොටුව රජයේ හමුදා අල්ලා ගැනීම විශේෂ සිද්ධියක් විය. යාපනයේ කොටුව පුවත් මවන යන්ත‍්‍රයක් මෙන්විය. එහෙත් එය අද පාළුවට ගොස් ය. නිස්කාන්සුවේ පෙම් බස් දෙඞීමට ඉඳ හිට එන පෙම් යුවලක් හෝ ඉඳහිට දකුණෙන් යන කෙනෙක් මිස අද එහි කිසිවෙක් නැත. යුද්ධයෙන් එහි පෞරාණිකත්වයට සිදු වූ හානිය නම් පෙනෙන්නට තිබේ.

යාපනය පළතුරු වර්ග රැුසක් සරුවට හැදෙන පළාතකි. අඹ, මිදි, දොඩම්, දිවුල්, පේර ඒවා අතරින් විශේෂ තැනක් ගනී. එහෙත් අද යාපනය වෙළෙඳ පොළෙහි දක්නට ඇත්තේ පිටරටින් ගෙන්වන ඇපල්, දොඩම්, නාරං වැනි පළතුරුය. යාපනය නගරයේ පමණක් නොව නගරයෙන් ඔබ්බෙන් පිහිටි කුඩා නගරයක වුවත් දක්නට ඇත්තේ ඔන්ටේ‍්‍රලියාව වැනි පිටරටක පළතුරු මිස උතුරුකරේ සරු පසේ වැඩුණු ගස්වලින් නෙලාගත් අස්වැන නොවේ.

යාපනය පුස්තකාලයට යාමට අවශ්‍ය වුවත් එදින එය වසා තබන දිනයකි. එදා යාපනයේ පාසල් සිසුවාගේ, රජයේ රැුකියාව කරන්නාගේ, ගොවියාගේ, කම්කරුවාගේ ප‍්‍රධානතම වාහනය වූයේ පාපැදියයි. මාර්ග සංඥා ඇති ස්ථානයක දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් එක් අතකට දිවෙන වාහන නතර කළ විට පාපැදි පොකුරක් දකින්නට ලැබීම එකල සුලබ දසුනකි. පා පැදිය වෙනුවට අද ස්කූටරය හා මෝටර්සයිකලය ආදේශ වී තිබේ.  එදා බයිසිකල්වල මෙන්ම, අද ස්කූටර්වල නැගී පාසල් සිසු සිසුවියන්, විවිධ අවශ්‍යතාවන් සඳහා යන තරුණ තරුණියන් දකින්නට ලැබීම සුලබ දසුනකි. එමෙන්ම කොටස් වශයෙන් ගෙවා වාහන මිල දී ගැනීමට පහසු කරන ලීසින් (කල් බදු* පහසුකම් සපයන ආයතන රැුසක් නගරයේ තැනින් තැන ඇත. ඔවුන්ගේ මිත‍්‍රශීලි බව පෙන්වන විවිධ වැකි සඳහන් බැනර් යාපනය ඉඩකඩ ඇති තැන්වල එල්ලා ඇත. ලීසින් ගෙවාගත නොහැකි වූ විට එම ආයතන විසින්ම පැහැරගෙන එන ලද වාහන ගාල්කරන ස්ථාන ඇත්තේ නගරයට මදක් ඔබ්බෙනි.

එදා ඉංග‍්‍රීසි අකුරු වෙනුවට ශ‍්‍රී අකුර යටතේ වාහන ලියාපදිංචිය ඇරඹීමත් සමග යාපනයේ වැසියන් ශ‍්‍රී අකුර සහිත වාහන පාවිච්චි කළේ නැත. ඔවුන් පාවිච්චිකළේ ඉංග‍්‍රීසි අකුරු සහිත වාහනය. ඉතාම හොඳින් නඩත්තුකරනලද පැරණි ඊ.වයි, සී.වයි කාණ්ඩයේ මෝටර් රථ අද ද ඉඳහිට දක්නට ඇත.

ජංගම දුරකථන පරිභෝජනය කරවීමට බලකරන දෑවැන්ත දැන්වීම් පුවරු වල පෙනී සිටින නිරුපන ශිල්පීන්, ශිල්පිනියන් වීරයන්, වීරවරියන් මෙන් නගර තැනින් තැන ඇති පුවරුවල පෙනී සිටිති. එම දෑවැන්ත පුවරුවල සෙවනැල්ල යාපනයේ තරුණ තරුණියන් මත වැටී ඇත. වීරයන් වීරවරියන් අනුගමනය කිරීම තාරුණ්‍යයේ හැටිය. බොහෝ තරුණ තරුණියන් අත විවිධ මාදිලියේ දුරකථනය. නගරයේ තවත් තැනක භාණ්ඩ අලෙවි ප‍්‍රවර්ධන වැඩසටහනකි. (ප්‍රොමෝෂන් එකකි.* ඒ නැති ඉල්ලූමක් අති කිරීමට දරණ ප‍්‍රයත්නයකි. ආයුධ සන්නද්ධ හමුදා අරගලය අද පෙනෙන්න නැතත්, වෙළෙඳ අරගලය යාපනය ආක‍්‍රමණය තිබේ. එම හතුරා හඳුනා ගත නොහැක. ඔහු එන්නේ මිතුරු වෙසිනි. සුහද ලෙසිනි. ඔවුන් ජනතාව අමතන්නේ ලෙංගතු වචන වලිනි.

නල්ලූර් කොවිලට යාමටද අමතක නොකළ අපි සැලකිය යුතු වෙලාවක් එහි ගත කළෙමු. සැඳෑ හිරු තම මෙහෙය නිම කර සමුගැනීමට සූදානම්ය. මාධ්‍ය ජීවිතයෙන් තරමක් සමුගෙන ඇති ජෝ මහතාට තව දින කිහිපයක් වුවද එහි නරව සිටිය හැක. මටත් ‘තව දින කිහිපයක් එහි ගතකරන්න ඇත්නම්’ කියා සිතුනත් වෙනත් කිසිදු බැඳීමක් නැති වුවත්, මාධ්‍ය හා ඇති බැඳීම නිසා ආපසු කොළඹ බලා පිටත් වීමට සිදුවිය. මම බස් නැවතුම් නැවතුම් පොළට ගියෙමි. දිවයිනේ දසත පිහිටි විවිධ නගර වලට ධාවනය වන බස් රථ රැුසක් නවතා ඇත. කෙටි දුර ධාවනය සඳහා ඇත්තේ තනි දොර බස් හා කුඩා බස් රථය.  දවසේ මෙහෙවර නිමා කළ ජනතාව කඩිනමින් නිවෙස් බලා යති. එහෙත් ජනතාවගේ මුහුණු වල සිනහවක් නැත. එහි ලියැවී ඇත්තේ දුක, වේදනාව, හා සූරා කෑමට ලක් වූ බවය. සිංහල බස තරමක් දන්නා ද්‍රවිඩ සහෝදරයෙක්, දෙනෙක් සමග කතා කළෙමි. සහෝදරාත්මක හැ`ගීමක් මිස වෛරී හැ`ගීමක් ඔවුන් තුළ නැත. අප තරමක් හෝ දුරස්කර ඇත්තේ භාෂාව නොතේරෙනකම හේතුවෙනි. අපගේ ප‍්‍රශ්නම ඔවුන්ගේ ද ප‍්‍රශ්නය. අපිට වඩා ඔවුන්ගේ ප‍්‍රශ්න තරමක් බරය. අප වගේම ඔවුන්ද රැුවටෙති. රවටති. සූරාකෑමට ලක්වෙති.

බස් රථයක අසුනක් ලැබුණි. බස් රථය පණ ගන්වනවාත් සමගම එහි සවි කර ඇති රූපවාහිනී තිරය මත දමිල චිත‍්‍රපටයක් විකාශය වීම ඇරඹුනි. බස් රථය දෙදරන්න තරම් සබ්දය වැඩි කර ඇත. ඒ ඔවුන් ගේ රසය ය. එකිනෙකාගේ සංස්කෘතීන්, රසවින්දනයන් වෙනස් ය. කඨෝර පරිසරයක ජීවත් වන ඔවුන් උස් හඬින් ගැයෙන, වැයෙන ගීත හා සංගීත ශබ්දයටත්, තද වර්ණයන්ටත්, පමණ ඉක්මවා කරන අධි රංගනයටත් (දඩැර ්ජඑසබට * ඇලූම් කරති. ඒ ඔවුන්ගේ හැටිය. මම එහි අනික් පැත්තය.  ඒ මගේ හැටිය. ඔවුන්ගේ සංස්කෘතික රටාවන් තුළ ජීවත් වීමට ඔවුන්ට සහජාත අයිතියක් ඇත. මමත් ඔවුන් සමග අනුගතවී චිත‍්‍රපටය රසවිඳීමට උත්සාහ කළෙමි. වැඬේ හොඳය. සද්දෙ වැඩිය.

ඡුායාරූප හා විස්තරය
මනෝජ් රූපසිංහ.

ඡුායාරූප විස්තරය :-
1. එදා පා පැදිය වෙනුවට අද යතුරු පැදිය.
2. තවමත් අමතක නොකළ පා පැදිය
3.  ඕනෑම පුවත්පතක් මිලදී ගැනීමට හැකි පත්තර තට්ටුවක්
4. බස්නැවතුම් පොළ
5. ඉංග‍්‍රීසි අකුරු රැුගත් පැරණි මෝටර්රථයක්
6. ලාබයි ලාබයි පිටරට පළතුරු ලාබයි.
7. නගරය වසාගෙන ඇති සේවා සහ භාණ්ඩ දැන්වීම්.
8. පාළුවට ගොස් ඇති යාපනය කොටුව.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *