|

අගමැති රනිල් උතුරට ගොස් කී දේ ; ගමේ ළමයින්ට ගොටාගේ ප්‍රහාරය ; එස් බී ගේ මහමග මැරකම්

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එලි දැක්වීමෙන් පසුව එහි අන්තර්ගත යථාර්ථවාදී හා පහසුවෙන් ඉටු කල හැකි වැඩපිළිවෙලක් බව සියළු පාර්ශව වෙතින් සුභවාදී ප්‍රතිචාර මතුව තිබේ. විරැකියාව, වැඩ කරන ජනතාව, කාන්තාවන්, තරුණ පරපුර වැඩිහිටියන්,සුළු ජාතීන්, වෘත්තිකයන් ඇතුළු සියළු ක්ෂේත්‍ර සදහා එහි ප්‍රායෝගික විසදුම් ලබා දී තිබේ. 

අගමැති හා සජිත් සෑම දිනකම හමුවීම් හෝ තාක්ෂණ විධි ක්‍රම හරහා සමීපව ඉදිරි සති 02 ට අදාල මැතිවරණ මෙහෙයුම අවබෝධයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමද සිදුවෙමින් පවතී.අගමැතිවරයා උ/නැගෙනහිර රැස්වීම් මාලාවක් ඇමතීම ආරම්භ කලේ එකී පසුබිම මැදය. එම රැස්වීම් සදහා රාජිත,රවී, බුද්ධික පතිරණ ඇතුළු ප්‍රබලයින් රැසක් ද එක් වූහ.  

“ජාතික ගීය දෙමළෙන් කියනවාට ගෝඨාභය හා මහින්දලා විරුද්ධයි. එවැනි පසුබිමක ඔවුන් යටතේ සුළු ජාතීන්ට කිසිදා යුක්තිය ඉටුවෙන්නේ නැහැ.ඒත් අපි ඒකීය රටක් තුල බලය බෙදනවා මෙන්ම සුළු ජාතීන්ට ගෞරවනීය ලෙස ජීවත් වීමට පරිසරය හදනවා. පසුගිය වසර 05 දී සුළු ජාතීන් ඇතුළු රටේ සියළු දෙනාට නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නේත් ඒ නිසයි” අගමැතිවරයා ප්‍රකාශ කරන විට දෙමළ හා මුස්ලිම් නායකයින් ඇතුළු එම ජනතාව දැඩි ප්‍රතිචාර දැක්වීය.

“අපි හා සජිත් අතර කිසිදු ගිවිසුමක් හෝ එකගතාවක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ,නිදහස හා ගෞරවනීය ලෙස ජීවත් වීමේ පසුබිම තවදුරටත් ඉදිරියට ගෙන යාම සජිත් හා රනිල් අනාගත ආණ්ඩුවත් කරාවි කියන පසුබිම තුලයි අපේ සහාය ලබා දෙන්නේ ” දෙමළ සහ මුස්ලිම් නායකයින්ගේ මතය වූයේ එවැන්නකි.

ඒ අතර සජිත් ප්‍රේමදාස ඇමතීමට නියමිත ප්‍රධාන රැළි 160න් සියවැන්න පසුගියදා මහියංගනයේදී නිම කලේ දැවැන්ත ජන සහභාගීත්වයක් ඇතිවය.

“ කාන්තාවන්ට සෞඛ්‍යාරක්ෂිත පෑඩ් දීම ගැන සමහරු අවඥාවෙන් බලනවා. කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව එහි මූලික අරමුණයි.  ඉන්දියාවේ මෙම ජාතික කටයුත්ත සිදුකල මිනිසා දැන් ඒ රටේ ජාතික වීරයෙක් ලෙස සම්මාන ලබනවා. ත්‍රීවිල් අයට ලක්ෂ 03ක ණයක් දෙනවා, වැඩිහිටි දීමනාව වැඩි කරනවා, නිවාස නැති සියළු දෙනාට අනිවාර්යෙන්ම නිවාස ලබා දෙනවා, දූෂණය හා වංචාවට තිත තබනවාමයි, ත්‍රස්තවාදීන්ගේ පැත්තට මිසක් ඉස්සර වගේ ජනතාවගේ පැත්තට කිසි දවසක හමුදා හා පොලීසියේ තුවක්කු පත්තු වෙන්න මම ඉඩ තියන්නේ නෑ. පෙර පාසලේ සිට සරසවි අධ්‍යාපනය දක්වා සිසු පරපුරේ අනාගතය බාර ගන්නවා” සජිත් එවැනි කරුණු රැසක් එම රැලියේදී ප්‍රකාශ කලේ දැඩි ජනතා ප්‍රතිචාර මැදය.

බ්‍රහස්පතින්දා සජිත්ට මෙන්ම අගමැතිවරයාටද වැඩ අධික දිනයක් විය.මොරවක , ගල්කිස්ස හා බොරැල්ලේ රැලි 03 ක් ඇමතීමට අමතරව අධිවේගයේ පිටත වටරවුම පාර කටුනායක අධිවේගය හා ඒකාබද්ධ කිරීමද එදින පස්වරුවේ අගමැති අතින් සිදු විය. මාතර සිට හම්බන්තොට හා මත්තල දක්වා අධිවේගයද එදින පෙරවරුවේ ජනතා අයිතියට පත්කෙරිණ.එකී උත්සව සදහා යාමට පෙර අරලියගහ මැදුරට පැමිණ සිටි මැතිඇමතිවරු සමගද අගමැතිවරයා කතා බහ කලේය.

“ මධ්‍යම අධිවේගයේ මීරිගම කුරුණෑගල කොටසෙත් වැඩ ඉවරයි. මම ඇමති වෙලා හිටියනම් මේ වෙනකොට ඒ කොටස විවෘත කරලා හුගක් කල්. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

“ ඒ කොටසත් තව සති දෙක තුනකින් ජනතා අයිතියට පවරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ. ”අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි ඊට ප්‍රතිචාර දැකිවීය.

“2007 දී පාර්ලිමේන්තුවටත් නොදන්වා කැබිනට් අනුමැතියත් නැතිව ලංකාව වෙනුවෙන් ගෝඨාභය හා එවකට ඇමරිකානු තානාපති බ්ලේක් කියන ඇමරිකන්කාරයෝ දෙන්නා ඇක්සා ගිවිසුම අත්සන් කලා.ඇමරිකන් හමුදාවට මේ රට තුල ඕන ඕන විදියට හැසිරෙන්න ඒකෙන් පුළුවන්. ඒත් අපි විනිවිදව අත්සන් කරන්න යන මිලේනියම් කෝපරේට් ගිවිසුමට මේ ලෝකල් ඇමරිකන්කාරයෝ හා ඒ නඩය විරුද්ධ වීම පුදුමයි. ” චමින්ද විජේසිරි කතාව වෙන අතකට හැරවීය.

“ ඔය මිලේනියම් ඇමරිකන් ආධාරය රටවල් 43 කට දීල තියෙනවා. ඒක ණයක් නෙවෙයි ඩොලර් මිලියන 480ක එනම් රු. කෝටි 9000 ක ආධාරයක් අපේ ප්‍රවාහන හා මාර්ග පද්ධතිය නවීකරණය කිරීම හා මේ රටේ ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය කිරීමටයි මේ මුදල් ලැබෙන්නේ. අපිට මේ සල්ලි එපානම් ඇමෙරිකාව වෙන රටකට ඒ සල්ලි දීල දාවී. මහවැලියට මීට අවුරුදු 40 කට කලින් ඩොලර් මිලියන 67ක් දුන්නට පස්සෙයි ඇමෙරිකාව ලංකාවට මෙවැනි අධාරයක් කරන්නේ” චම්පික රණවක කීවේය.

“ මිලේනියම් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබුණා විතරයි. මේක පාර්ලිමේන්තුවට දාලා සම්මත කරල සියළු දෙනාගේ අදහස් මත අවශ්‍ය සංශෝධනත් කරල දෙරට එකග වුනොත් විතරයි අත්සන් කරන්න වෙන්නේ. ජනාධිපතිවරණෙට කලින් පාර්ලිමේන්තුව රැස් වෙන්නෙත් නෑ. ඒ නිසා පොහොට්ටුවෙ අයයි හාමුදුරුවොයි දගලන්නෙ ඇයි. පටු දේශපාලනයයි එතන ඇත්තෙ. ”අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිලි කලේය.

 “ මිලේනියම් එකට විරුද්ධව උපවාස කරපු හාමුදුරුවෝ ගිවිසුමේ ඇති දේවල් තියා ගිවිසුමේ නමවත් හරියට දන්නේ නෑ. ඉතා කණගාටුදායකයි. දේශපාලන පෙලඹීමක් මතයි බෙහෝ දෙනෙක් හැසිරෙන්නේ ”චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“ත්‍රිමලේ ඉදන් කොළඹ දක්වා කොරිඩෝ එකක් හදනවාය, ඉඩම් අක්කර ලක්ෂ 12 ක් ඒකට අයිති වෙනවාය ඒවා ඇමෙරිකාවටය කියල වීරවංශ විකාර වගයක් කියල තිබුණා. වීරවංශ වගේම මේ ගිවිසුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ටියුෂන්කාරයෙක් කියල තිබුණා ඇමෙරිකානු ඩ්‍රයිවන් ලයිසන් එකෙන් ඔය කොරිඩෝවේ වාහන පදින්නත් පුළුවන් කියල ඇමෙරිකානු හමුදාවටත් ඔන දෙයක් කරන්න පුළුවන් කියල, තමන්ගේ නොදැනුවත්කම පේන්නුවට කමක් නෑ. රෙදිත් ගලවගෙන එහෙම කලාම මිනිස්සු හිනාවෙන්නේ ඒ අයටමයි. මේ විකාර කතා ඒ ඒ අයගේ හිත් වල ඇතිවෙච්ච විකෘති මනෝභාවයන් කියල මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා රටට නිවැරදිව කිව්වා. ” මහාචාර්ය ආංශු මාරසිංහ කල විග්‍රහය අගමැති ඇතුළු කාගේත් ප්‍රශංසාවට ලක් විය.

“ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ Z -ස්කෝර් එක අවලංගු කරල පාසල් මටිටමින් විශ්ව විද්‍යාල වලට ගන්නවාලු.ඔය Z ක්‍රමය විද්වතුන් වසර ගණනාවක් අධ්‍යනය කරල සිසුන් කාටත් සාධාරනව හදපු  එකක්. මුදල් හිග හා අඩු පහසුකම් ඇති ගමේ දරුවටයි මේකෙන් වැඩි ආරක්ෂාව සැලසුනේ ඒත්  Z ක්‍රමය නැතිකරලා පාසැල් මට්ටමින් සරසවි වලට ගන්නකොට නගරයේ පැසැල් දරුවන්ට වැඩි වාසි ලැබෙනවා ගමේ දරුවාගේ අද්‍යාපනය වල දාන්නයි මේ හදන්නේ. ”අකිල විරාජි කාරිවයවසම් කීවේය.

“ අධ්‍යාපන විද්‍යා පීඨත් ගොඨාභය අහෝසි කරනවාලු. අගමැතිතුමා මේවා ආරම්භ කරපු නිසා පලිගන්න මේවා කරවන්න හදනවාද දන්නේ නෑ. වසරකට ගමේ පාසැල් වලට ගුරුවරු 40,000 ක් ලබා දෙන්නේ මේ විද්‍ය පීඨයි. ගමේ දරුවන්ටමයි මේ ගහන්න හදන්නේ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි

“ ඒ මදිවට අධ්‍යාපනයේ සියළු අංශ ඒකාබද්ධ කරනවා කියලත් ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. අධ්‍යපානයත් කොම්පැනි සිස්ටම් එකට කරන්න ගියොත් දරුවන්ට බුදු සරණයි. ජර්මනියේ හිට්ලර් අධ්‍යාපනයට කරල තියෙන්නෙත් මෙන්න මේ වගේ වැඩයි. උගත් පරපුරක් නැති ව්‍යාකූල රටක් නිර්මාණය කලාම රට පාලනය කරන්න ලේසියි. රටේ වාසනාවට එයා දිනන්නේ නැති නිසා අවුලක් නෑ” මහාචාර්ය ආංශු මාරසිංහ කීවේ සිනා මැදය.

“පොහොට්ටු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ලගදී සජින් වාස් හා ඒ දරු දෙන්නා මරන බවට මහින්ද කිව්වා කියල තර්ජනය කරල. ඒ මදිවට පාර පොඩ්ඩක් හරස් වුණා කියල අර මෝඩ ටියුෂන් කාරයටත් වඩා එහා ගිහින් එස්. බී.දිසානායක ඇතුළු කණ්ඩායම තරුණයන් දෙන්නෙකුට වෙඩි  තියල. බලය නැතුව මෙහෙමනම් මෙයාලට බලය ගියොත් කොහොම වේවිද. හිට්ලර්ලා පොල්ලෙපාට්ලා ඉඩියාමීන්ලා පරාද කරන්න පෙහොට්ටු නායකයෝ සමත් වේවි. ඔවුන්ට බලය නොදීම තමන්ගේ හා රටේ ආරක්ෂාවට අත්‍යවශ්‍යයි කියන එක රටේ ජනතාව තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ” රංජන් රාමනායක කීදේ සියළු දෙනා අනුමත කලහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *