පොහොට්ටු රැලියකට සහභාගී වූ තරුණියකට ලිංගික අතවර

කෑගල්ල ප්‍රදේශයේ පැවති පොහොට්ටු පක්ෂයේ දේශපාලන රැස්වීමකට සහභාගීවී බස් රථයකින් පැමිණෙමින් සිටි තරුණියකට, ඔවුන් සමඟ සිටි තරුණයෙකු ලිංගික අතවර සිදුකර ඇති අතර ඒ සම්බන්ධව ලද පැමිණිල්ලකට අදාලව හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

තම බිරිඳ සමඟ දියණිය මෙම රැස්වීමට සහභාගීවී ඇති බවත් රාත්‍රී 11.00 පමණ වනතෙක් දියණිය නිවස වෙත නොපැමිණි බවත් පවසමින් තරුණියගේ පියා විසින් හෙම්මාතගම පොලීසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත.

සැකකාර තරුණයා විසින් අදාල තරුණිය  හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ප්‍රදේශයකට රැගෙනගොස් බරපතල ලිංගික අතවරයකට ලක්කර ඇතිබවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව 23 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල තරුණිය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *