භාණ්ඩාගාරයේ ලේකම් තනතුරට මහාචාර්ය රසීන් සාලි පත්කරන සුදානමක් !

razeen salyජනවාරියේ සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව භාණ්ඩාගාරයේ ලේකම් තනතුරට ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය රසීන් සාලි පත්කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත . සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබද ලි කුවාන් යු පාසලේ මහාචාර්ය තනතුරක සේවය කරන සාලි මහතා ජාත්‍යන්තර කීර්තියට පත් ආර්ථික විද්‍යාඥයෙකි . ඔහු මේ දිනවා ශ්‍රී ලංකාවට පැමිණ සිටියි . ජාතික වාණිජ මණ්ඩලයේදී පසුගියදා ඒ මහතා කල දේශනය බොහෝ දෙනාගේ අවධානයට ලක් වීය .

ඒ සමග මුදල් අමාත්‍යංශයේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *