උඹලා ඡන්දෙ දීලා යයි. අපි ? – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

නොවැම්බර් 5 දා කොළඹ පදනම් ආයතනයේදී විදෙස් රටවල සිට පැමිණියා යැයි කියන පිරිසක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා. එහිදී කතාකල සිරිවර්ධන පතිරාජ නමැති මහතෙකු කියා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට තමන් ඇතුළු 20000 ක් මෙරටට පැමිණි බව සහ තවත් ලක්ෂයක් පමණ පිටරට සිට ගෝඨාභය මහතා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නට පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

ඉහත පිරිස ගෝඨා වෙනුවෙන් ඡන්දය දීමට පැමිණීම කලින් ම ප්‍රකාශ වන කරුණ වන්නේ ගෝඨාභය මහතාගේ ජයග්‍රහණය පිළිබඳ සැකයක් විදෙස්ගතව සිටින ගෝඨා හිතවාදී පිරිසට පවතින බවයි. එසේ නැතිනම් අතින් වියදම් කරගෙන කඩිමුඩියේ ගෝඨාට ඡන්දය දීමට පිටරට සිට එන්නේ කුමටද? මීට පෙර කවර මැතිවරණයක දී වත් එවැන්නක් සිදුවී නැහැ. ඒ අනුව පෙනෙන්නේ ගෝඨාභයගේ තත්ත්වය මේ ඡන්දයේදී හොඳ නැති බව ඔහුගේ හිතවතුන්ට දැනී ඇති බවයි.

එම මාධ්‍ය හමුවේ දී පතිරාජ මහතා කියා තිබුණේ ගෝඨාභයට ඡන්දය දීමෙන් පසුව ඔවුන් යළිත් ඔවුන්ගේ කටයුතු සඳහා (පිටරටවලට) පිටත්ව යන බවයි. මුලින්ම ඔවුන්ගෙන් ඇසිය යුත්තේ මව්බිම වෙනුවෙන් ඒ තරමටම රුදාවක් තිබේනම් ගෝඨාට ඡන්දය දී නැවත පිටරට වලට යන්නේ ඇයි යන ප්‍රශ්නයයි.

ඔවුන්ගේ එම ප්‍රකාශය අනුව පෙනෙන්නේ පතිරාජගේ කල්ලියේ අයත් ගෝඨාභය රාජපක්ෂ ජාතියෙම බොරු දේශප්‍රේමීන් කොටසක් බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාත් කළේ යුද්ධය ඇවිලෙද්දී බොරු සහතික මත නිලධාරීන් පැනගොස් ඇමරිකාවට සේවය කරන බවට දිවුරා ප්‍රකාශ කර ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගැනීමයි. ඉන්පසුව අයියා ජනාධිපති වූ පසුව හොර පාරෙන් ලංකාවට රිංගාගෙන යළිත් අයියලා පරාජය වූ පසු ඇමරරිකාවට පැමිණීම නොවේද ගෝඨාභය කළේ. ඒ මදිවට ලංකාවේ ජනාධිපති කමට තරග කරන අතර ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක්. ඔහුගේ බිරිඳත්, දරුවාත් ඇමරිකන් පුරවැසියන්. ඒ අනුව ගත්විට සිරිවර්ධන පතිරාජ කියන්නෙත් ජාඩියට මූඩිය වගේ ගෝඨාභයට ම ගැළපෙන කටින් පමණක් දේශප්‍රේමියෙක් බව පැහැදිලියි. ඒ තරමටම දේශප්‍රේමියෙක් නම් පතිරාජ මහතා කළ යුත්තේ රට යාම නොව රටේ රැඳී සිටිමින් ගෝඨාභය දිනුවොත් රටේ ජනතාවට කන්නට සිදුවන පරිප්පුව කෑමයි.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි බව කියන අනුර මැදගෙදර නැමැත්තෙකු මාධ්‍ය හමුවේ දී කියා තිබුණේ 2015 ඉන්පසුව රට භාර ගත් අය මහින්ද රාජපක්ෂ මහතා කරගෙන ආ සංවර්ධන කටයුතු නවත්වා රට ප්‍රපාතයට ඇද දැමූ බවයි. බ්‍රිතාන්‍ය සිටින මැදගෙදර මහතාට කෙසේ වෙතත් මේ රටේ සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුණ දෙන බරපතල ගැටළු වලින් එකක් වන්නේ මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය තමයි. මහින්ද යුගයේ චීනයෙන් ගිනි පොලියට ණය ලබාගෙන ඉදිකළ හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට, නෙළුම් කුළුන, හම්බන්තොට ක්‍රීඩාපිටියට, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාවට, රන්මිහිතැන්න සිනමා ගම්මානයට ණය සහ පොලී ගෙවන්නට සිදුවී ඇත්තේ පිටරටවල සිටින මැදගෙදර ලාට නෙවෙයි. මේ රටේ ජීවත්වන අපටයි. ඉහත සඳහන් කළ සංවර්ධන යෝජනා යැයි කියන ඉදිකිරීම් එකකින්වත් මහින්ද පරාජය වී වසර පහක් ගෙවෙන විට දිවත් විදේශ ණය වාරික සහ ඒවායේ සේවක පඩිනඩි ගෙවන්න තරම්වත් ආදායමක් නොලැබෙන බව මැදගෙදර මහතා නොදන්නවා ඇති. ඒ ඔවුහු මේ රටේ පදිංචි නැති නිසයි. මැදගෙදර වැනි අයට මහින්දගේ සංවර්ධන සුදු අලින්ගේ බර නොදැනෙන්නේ ඔවුන් මේ රටේ පදිංචි නැති නිසයි. ඒ ණය කන්ද බර අදීන්නට සිදුවී ඇත්තේ ලංකාවේ ඉන්න අපටයි. මැදගෙදර ගෝඨාට ඡන්දය දී නැවත එංගලන්තයට යයි. ආයෙමත් ණයබර අදින්නට වෙන්නේ අපිටමයි.

බංගලාදේශයේ සේවය කරන බව කියන වංශ ප්‍රිය ගුණශීල නැමැත්තෙකු කියා තිබුණේ අපේ රටට සේවය කරන්නට පැමිණීමට ඔවුන් කැමැත්තෙන් ඉන්නා බවයි. නමුත් බුද්ධිමතුන්ගෙන් අපේ රට නිසි ප්‍රයෝජන නොගන්නා බවයි.

අපට වංශ ප්‍රිය ගුණතිලක මහතාගෙන් අසන්නට ඇති ප්‍රශ්නයය වන්නේ ඒ මහතා බංගලාදේශයට ගියේ වත්මන් රජය යටතේ ද යන්නයි. එසේනම් ගෝඨාභය මහතාත් ඔහුගේ අයියලත් රට පාලනය කළ කාලයේ වංශ ප්‍රිය මහතාගේ බුද්ධියෙන් රටටගත සේවයත් පැහැදිලි කලයුතුයි.

පෝලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බව කියන කුෂාන් හර්ෂ පතිරණ මහතා කියා තිබුණේ පෝලන්තය වගේ රටවල සෞඛ්ය පහසුකම් බලන විට අපේ රට අහසට පොළොව වගේ . රටේ සෞඛ්‍ය අංශ පිරිහිලා ආදී වශයෙනුයි. කුෂාන් මහතා පාදෙණිය දොස්තර මහතාගේ ම කෙනෙක්ද දන්නේ නැහැ.

කොහොමවුනත්කුෂාන් මහතා ඉන්නේ පෝලන්තයේ නිසා රටේ වත්මන් සෞඛ්‍ය තත්වය ගැන අදහසක් නැති වීම පුදුමයක් නෙමෙයි. ඒ නිසා දැන් ලංකාවේ මහාචාර්ය බිබිලේගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය අනුව අත්‍යවශ්‍ය ඖෂධ රැසක මිල ඩු වී ඇති බව ඒ මහතාට ඔහුගේ පවුලේ අය හෝ ( ඔවුන් මේ රටේ සිටිනම් ) කියාදිය යුතුයි. එපමණක් නොවේ දැන් ලංකාවේ රජයේ රෝහල්වල හෘද රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ස් , අක්ෂි රෝගීන්ට කාච, පිළිකා රෝගීන්ද සීමාවකින් තොරව ඖෂධ ලබාදෙන බවත් ඒ මහතාට කියා යුතුයි. එපමණක් නොව ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් සමයේ ගෙවල් වලට ආ සුදු වෑන් වෙනුවට දැන් රෝගීන් රැගෙන යාමට සුවසැරිය ගිලන් රථ නිවසට එන බවත් කියාදිය යුතුයි. එසේම ගිලන්රථ සේවයට මහින්දවාදීන් මාරාන්තික විරෝධය පෑ බවත් කියා දිය යුතුයි.

කුවේට් සිට ආ බව කියන සුනීිල් කහදවල නැමැත්තෙකු කියා තිබුණේ යුද්ධය අවසන් වූ පසුව වත් රටට පැමිණි රැකියාවක් කළ හැකි වේ යැයි සිතූ බවයි. කහඳවල මහත්තයෝ යුද්ධය අවසන් වූ පසුව 2015 දක්වා රට පාලනය කළේ ඔබතුමා අද කඩේ යන ගෝඨාභය මහත්තයලා තමයි. යුද්ධයෙන් පසුව ඒ අය රටට හරියට කලා නම් ඔබතුමා රටට නෑවිත් ඩිනාර් 120ට රස්සා කරන්න කුවේට් රටේ හිටියේ ඇයි? ලංකාවට එන්න තිබුණා නේද? එතන වැරැද්ද ඇත්තේ ගෝඨාභයලාගේ මිස වත්මන් ආණ්ඩුවේ නොවෙයි නේද?

පිටරටවල ඉඳන් ආ ඔය මහත්තුරු නොදන්නවා වුණත් මහින්දගේ ආණ්ඩුවට වඩා තවමත් සමහර බඩු මිල අඩුයි. ගණන් වැඩි වුණත් අවුරුදු හතරට වැඩිවී ඇත්තේ රුපියල් තුනකින් හතරකින්. ඒ මොක නැතත් අපි දැන් මේ රටේ මරබිය නැතිව නිදහසේ ජීවත්වෙනවා. පිකටින් වලට වෙඩි තියන්නේ නැහැ. පැහැරගෙන යන්නේ නැහැ. කප්පන් ඉල්ලන්නේ නැහැ. ඒ නිසා අපි නම් මලාට ගෝඨාට ඡන්දය දෙන්නේ නැහැ. මොකද උඹලා ගෝඨාට ඡන්දය දීලා පිටරට වලට යයි. පරිප්පුව කන්න වෙන්නේ මේ රටේ ඉන්න අපටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *