ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමට හත් දෙනෙකුට නඩු

2009 වර්ෂයේ දී මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ පළමුවරට පැහැරගෙන යාම සම්බන්ධයෙන් යුද හමුදාවේ හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත. එලෙස නඩු පවරා ඇත්තේ ලුතිනන් කර්නල් ශම්මි කරුණාරත්න, ප්‍රබෝධ සිරිවර්ධන සහ තවත් පස්දෙනෙකුට එරෙහිවය.

මෙම පැහැරගැනීම සිදුවුයේ 2010 ජනවාරියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්  කිරීමට මාස කීපයකට ඉහතදීය.

එලෙස ප්‍රගීත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ පරීක්ෂණ ද අවසන්ව ඇතත් තවම නඩු පැවරීමක් සිදුකොට නැත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *