දක්ෂිණ අධිවේගයේ තවත් කොටසක් විවෘත කරයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ දිගුවෙහි තුන්වන අදියර අද (07) මහාමාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

බරවකුඹුක සිට අන්දර වැව හරහා හම්බන්තොට දක්වා වූ කිලෝ මීටර් 33 ක කොටස හා බරවකුඹුක සිට අන්දර වැව හරහා මත්තල දක්වා වූ කිලෝමීටර් 22 ක කොටස මෙම අදියරට ඇතුලත් වේ.

මෙහිදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ මෙහි ඉදිකිරීම් හේතුවෙන් යම් පාර්ශවයක් සඳහා අගතියක් වී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිළධාරීන් දැනුවත් කරන ලෙසයි. ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල් නිසි පරිදි ගෙවීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *