දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ සජිත් ට සහය දෙන්න තීරණය කරයි

දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති
අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට නිල වශයෙන් තීරණය කර ඇත.
මීට පෙර එම සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි
පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කළේය.
සන්ධානයේ අනෙක් පක්ෂ දෙක වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානය පසුගිය
සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය. එම පක්ෂ
සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට තීරණය කළේ අගමැතිතුමා සමග පැවැති
එම සාකච්ඡාවෙන් පසුවය.
ඒ අනුව දැන් දෙමළ ජාතික සන්ධානයේ සම්පූර්ණ සහය සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *