ජනාධිපතිවරණයේ වැඩි වාසිය සජිත්ට! – වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ පක්‍ෂයක සහායක් පමණක් වුවද සජිත් පේ‍්‍රමදාස මහතාට පක්‍ෂ පදනමට එහා ගිය පුළුල් ජන්ද පදනමක් රට පුරා ගොඩනැගී ඇති බැවින් තමාගේ දේශපාලන භාවිතයේ දැනුම අනුව සජිත් පේ‍්‍රමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගනු ඇතැයි විශ්වාස කරන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (06) පෙරවරුවේ මහනුවර කැන්ඩියන් ආර්ට් රෙසිඩන් හෝටලයේ පැවැති ජනමාධ්‍ය වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෙසු දේශපාලකයන්ට නොමැති දුප්පත් ජනතාවගේ ආකර්ෂණයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත තිබෙන අතර එය ඔහුට සිය පියාගේ උරුම වූවක් වන බව වික්ටර් අයිවන් මහතා ප්‍රකාශ කළේය. 

මේ අතර ශ්‍රී ලංකාවේ දුප්පත්, වාර්ගික හා කුල වශයෙන් පීඩිත විශාල ජනතාවක් සිටින බවත් ඔවුන්ගේ ස්වභාවයෙන්ම ආකර්ෂණය සජිත් ප්‍රේමදාස මහතා දිනා ගන්නා බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ. 

සරත් සමරනායක – මහනුවර 

LNW

Leave a Reply

Your email address will not be published. Required fields are marked *