සුරක්ෂා රක්ෂණයෙන් දරුවන් 35000කට මිලියන 1500ක ප්‍රතිලාභ

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව 2017 සිට ආරම්භ කළ සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණයෙන් මේ වන විට පාසල් සිසුන් 35,000කට රුපියල් මිලියන 15,00කට අධික ප්‍රතිලාභ හිමිකර දී ඇති බව වාර්තාවෙයි.

මෙරට හතලිස් පන් ලක්ෂයක් වන පාසල් සිසුන් සියලු දෙනාට මෙම සෞඛ්‍ය රක්ෂණාවාරණය ලබා දී ඇත්තේ සම්පූර්ණයෙන්ම රජයේ වියදමිනි. සිසුන්ට ඇතිවන ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට මෙම රක්ෂණාවරණයෙන් අවස්ථාව සැලසේ. රජයේ හෝ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමේදී රු.200,000දක්වා ද බරපතල රෝගාබාධ වලදී සීමාවකින් තොරවද රක්ෂණ හිමිකම් ලබාදීම සිදුවෙයි. සිසු සිසුවියන්ගේ මවුපියන්ගෙන් කෙනෙකු මිය ගිය විට ද රක්ෂණාවරණයක් හිමිවීම සුරක්ෂා රක්ෂණයේ විශේෂත්වයකි. එවන් අවස්ථාවක දී ගෙවන මුදල රුපියල් ලක්ෂ දහයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *