චන්ද්‍රිකාගේ කට්ටිය ශ්‍රී ලනිපයෙන් නෙරපන්න නීතිය හරස් වෙයි

සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලනිප සුරැකීමේ සංවිධානයේ කිසිවකු ශ්‍රී ලනිපයෙන් නෙරපා හැරීමට නොහැකි තත්ත්වයක් නීතිමය වශයෙන් පැන නැගී ඇති බව දේශපාලන අංශ කියයි. එයට හේතු වී ඇත්තේ මීට පෙර පක්ෂයෙක් ඉවත්ව වෙනම පක්ෂයක් හදාගත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසේ කිසිවකුට එරෙහිව විනය පියවර ගෙන නොතිබීමයි. මේ නිසා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ එම කණ්ඩායමේ වෙනත් කෙනෙකුට හෝ එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට වැඩි අවස්ථාවක්  ඇති බව කියති. මේ නිසා ඊයේ රැස් වු ශ්‍රී ලංනිප මධ්‍යම කාරක සභාව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ වෙන් කිසිවකුට විරුද්ධව විනය පියවර ගැනීමට කටයුතු කළේ නැත. ආසන සංවිධායකයන් වෙනුවට තාවකාලිකව වෙනත් අය පත්කිරීමට පමණක් කටයුතු කරන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *