ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයේ වගකීම මහින්ද භාරගනියි .

"රජ පවුලයි මා wawuloyiමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ වගකීම භාර ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ඝාතනයේ සැකකරුවන් බලන්නට ගොස් ඔවුන්ට සිය සම්පුර්ණ සහය පල කළේය . එම ඝාතකයන්ට නීති ආධාර දීමට මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුපෙන් අරමුදලක් ආරම්භ කිරීමට තීරණය කොට ඇති බවද පසුගියදා ප්‍රකාශයට පත්වීය .

2010 ජනාධිපතිවරණය සමයේ පැහැරගෙන ගිය ප්‍රගීත් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ඔහුගෙන් ප්‍රශ්න කලේ රාජපක්ෂ පවුල් ගහ පිලිබදව ලියු ලිපියක් ගැන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී හෙළිදරවු වී ඇත . එම පහර ගැනීම කල නිලධාරීන් පිලිබදව හෙළිදරවු වී ඇතත් එම ඝාතනය මෙහෙයවූ දේශපාලන හස්තය හෙළිදරවු කර ගැනීමට තවමත් හැකිවී නැත . එම කරුණ යටපත් කිරීම සදහා දේශපාලන මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *