ගෝඨාට ගමේ රැල්ල නෑ – මහින්දව ඉස්සරහට දාන්න හැදීමෙන් ප්‍රචාරය අවුල් වෙලා


ගෝඨාභය රාජපක්ෂ මහතාට ග්‍රාමීය ජනතාවගේ ආකර්ශනය ලබාගත නොහැකි
වී ඇති බව පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාර ගෙන යන නායකත්වයේ
තක්සේරුව වී ඇති අතර එයට පිළියමක් ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රතිරූපය යොදාගැනීමට යාමෙන් පොහොට්ටුවේ ප්‍රචාරක ව්‍යාපාරය අවුල් වී ඇති
බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළ සමීක්ෂණ මගින් පෙනී ගොස් ඇත්තේ
ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් රැල්ලක් ඇත්තේ නාගරික මැද පංතියේ හා
වෘත්තිකයන් අතර පමණක් බවයි. ගම්බද ප්‍රදේශවලදී ගෝඨාභය රාජපක්ෂ
මහතාට ජනතා ආකර්ෂණයක් නැති බව පෙනීගොස් තිබේ. එයට පිළියමක්
වශයෙන් මහින්ද ගෝඨාභය දෙදෙනාගේ හවුල් මැතිවරණ ව්‍යාපාරයක් ගෙන
යාමට තීරණය කොට ඇති අතර ඒ අනුව රැස්වීම් ප්‍රචාරය හා අනෙක් සියලු
ප්‍රචාරක කටයුතු වලදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුවද යොදාගැනීමට කටයුතු
කොට ඇත.
කෙසේ වෙතත් ගෝඨාභයට හිතවත් පිරිසක් කියන්නේ මෙලෙස මහින්ද ඉදිරියට
දැමීම නිසා අලුත් මිනිසෙක් ලෙස ගෝඨාභයව ගොඩනගන්නට උත්සාහ කළ
ප්‍රතිරූපයට හානි සිදුවන බවයි.
මෙම කඹ ඇද්ල්ල නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය අවුල්
වී ඇති බවත් ඇතැම් ප්‍රචාරක කටයුතු නතර වී ඇති බවත් දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *