අපේක්ෂකයො දෙන්නා අතරින් හොඳකෙනා ආණ්ඩුව පැත්තෙන් – චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග



ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ ඉදිරිපත් කරල තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන
මම කියවා බැලුවා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ රටේ ජනතාවගේ
නිදහස ගැන කතා කරනව. මට නම් බක බක ගාලා හිනායනවා. දූෂණය
පිටුදකිනවලු. ශත වර්ෂයේ ලොකුම බොරුව. වැඩිම මිලට පාරවල් හැදුවෙ
එයාලගෙ පාලනය යටතෙ. අපි අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවයත් මේ අය
විනාශ කළා. අධ්‍යාපනය ටියුෂන් කඩයක් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
අනුශාසිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය
එසේ ප්‍රකාශ කළේ ඊයේ (5) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ
පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කැඳවු ‘අපි ශ්‍රී ලංකා’
සමුළුව අමතමිනි. බණ්ඩාරනායක මහත්මිය තවදුරටත් කතාකරමින් මෙසේ ද
පැවසුවාය.
අද දින මෙම හමුව පවත්වන්නේ මන්ද කියා මම ඔබට විශේෂයෙන් කිවයුතු
නැහැ. මෙතන ඉන්නේ හොඳ දේශපාලන දැනුමක් තියෙන අප පාක්ෂිකයන්. අපේ
ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, මේ තරම් සේවයක් කරපු අපේ පක්ෂයට
ඉතාමත් දුක්හිත ඉරණමක් අයත් වෙලා තියෙන වෙලාවක අද අපි ඔබ මෙතන
හමුවෙන්නෙ. නිදහසින් පසු මේ වසර හැත්තෑ ගාණෙන් වැඩියෙන්ම මේ රට
පාළනය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දේශපාලන වශයෙන් කිතු කීතුවලට
ඉරලා දාලා, කෑලි කෑලි වලට කැඩිලා. තමුන්නාන්සේලා වැනි අය කොහෙයන්නද?
මොනව කරන්නද කියලා හිතාගන්න බැරුවයි හිටියෙ. පළමුව අපි තීරණය කළා
පක්ෂය ආරක්ෂා කරගන්න ඕන කියල. 2005 දි තමයි මේ විනාශය පටන්
ගත්තෙ. බලයට පත්වුණු අපේ පක්ෂයේ ජනාධිපතිතුමා අපි ඔක්කොමල උදව්
කරපු ජනාධිපතිතුමා, එතුමා පක්ෂය විනාශ කිරීම පටන් ගත්තා. ඊළඟට
අවසනාවකට මෙන් මමත් සහතික වෙලා බලයට ගෙනාපු අපේ පක්ෂයේ ලේකම්
ප්‍රමුඛ තවත් අය මේ පක්ෂය ගැන තකන්නේ නැතුව තමන්ගේ තනතුරු ගැන
බලල, පක්ෂය හුඟාක් දුර්වල කරල තියෙනව.
මම අනුශාසක වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා
රැස්වීම්වලට මාව කැඳවන්නෙ නැහැ. එහෙත් පක්ෂයේ සියයට අනූපහක් පමණ
යෝජනා කරල තිබුණා, පැරදුනත් අපේ පක්ෂයේ සභාපති දැන් ඉන්න ජනාධිපති

ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියල. නමුත් අපේ පක්ෂයේ ලේකම්
ඇතුළු පිරිසක් එම යෝජනාව තුට්ටුවකට ගණන් ගන්නෙ නැතුව පොහොට්ටුවට
සහය දෙන්න තීරණය කරනව. දැන් අපි මොකද කරන්නෙ?
අපිට මෙවැනි අවස්ථාවක පුද්ගලයෙක් නෙවෙයි ප්‍රතිපත්තියක් මත පිහිටා කරයුතු
කිරීමයි වැදගත් වෙන්නෙ. රට හදන්න පුළුවන්, ජනතාවට සේවය කරන්න
පුළුවන් කාටද කියලා අපි සලකා බලන්න ඕන.
ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකයෝ ඉදිරිපත් කරල තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන
මම කියවා බැලුවා. දැන් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ රටේ ජනතාවගේ
නිදහස ගැන කතා කරනව. මට නම් බක බක ගාලා හිනායනවා. දූෂණය
පිටුදකිනවලු. ශත වර්ෂයේ ලොකුම බොරුව. වැඩිම මිලට පාරවල් හැදුවෙ
එයාලගෙ පාලනය යටතෙ. අපි අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවයත් මේ අය
විනාශ කළා. අධ්‍යාපනය ටියුෂන් කඩයක් කළා.
මාධ්‍ය නිදහස ගැන කතාකරනවා. අර අවුරුදු නමයේ අපි ඒ නිදහස දැක්කෙ
නැහැ. එක්නැලිගොඩලට මොකද වුණේ? කීත් නොයාර්ට පහර දුන්නෙ කවුද? ඒ
අයට අත්වු ඉරණම හෙට මාධ්‍යවේදීන්ට අත්වෙන්නෙ නෑ කියන්න මොකක්ද
තියන සහතිකය. මාධ්‍ය නිදහස ඇති කරන ක්‍රමය කුමක්ද? ඒක දින වකවානු
සමගම රටට කියන්න.
එමේ රජයේ ප්‍රචාරක වැඩපිළිවෙල දුර්වලයි. ඒ නිසා රටේ ජනතාව දන්නෙ නෑ
කරපු දේවල්. මේ අය ඉදිරියටත් යමක් කරයි කියල අපි හිතනව. නමුත් මම
සහතික වෙන්නෙ නෑ. එක්කෙනෙක් වෙනුවෙන් සහතික වෙලා මම පුළුවන් තරම්
පහර කෑවා. නමුත් මේ දෙන්නා අතරින් හොඳකෙනා ආණ්ඩුව පැත්තෙන්
ඉදිරිපත්වෙන කෙනා කියල මම හිතනව.
එක්සත් ජාතික පක්ෂ පෙරමුණු අපේක්ෂකයාට සහය දෙන්න පක්ෂ අතර ගිවිසුම්
අත්සන් කරපු වෙලාවෙ මාත් ගියා. මම නම් ගිවිසුමට අත්සන් කළේ නැහැ. ඒත්
මම හිතනවා ඔහු යම්කිසි වැඩකොටසක් ජනතාව වෙනුවෙන් කරාවි කියල.
ජනතාවට වැඩිම වාසි සහගත ව්‍යාපෘති මේ ආණ්ඩුවෙන් සිදුකරාවි කියලා මම
හිතනව.


මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *