සරසවි තරුණ ප්‍රජාව සජිත්ට සහය දීමට තීරණය කළා – යොවුන් පෙරමුණ ලේකම් රවී ගුණසේකර

             අපිට සාධාරණ බයක් සැකක් නිර්මාණය වෙනව ඉදිරියේදී රාජපක්ෂ යුගයක් මේ රටට පැමිණියහොත්, තරුණයන් වශයෙන් අපට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගෙයිද කියල, තරුණයන් වශයෙන් සරසවි ශිෂ්‍යන් වශයෙන් අපිට තියෙනව, සාධාරණ බයක්. ඒ බය නිසා අපි නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපු, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් ආරක්ෂා කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කරල තියෙනව. සරසව් යොවුන් පෙරමුණේ ලේකම් රවී ගුණසේකර එසේ ප්‍රකාශ කළේ භයේ රාජගරියේ දී සරසවි යොවුන් පෙරමුණ විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදීය. එහිදී තවදුරටත් කතා කළ රවී ගුණසේකර සරසවි සිසුවා මෙසේද පැවසීය.

ඉදිරි 16 වෙනිදා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත වෙලා තියෙනව. ඒ සඳහා පක්ෂ රාශියකින් අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනව. අපි සරසවි ප්‍රජාව වශයෙන් සමස්ථ තාරුණ්‍ය නියෝජනය කරමින් මේ අවස්ථාවේදී නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක තුමාට සහය දීමට තීරණය කරල තියෙනව.

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක තුමාට සහය දීමේදී අපි සලකා බලන කරුණු කාරණා කීපයක් තියෙනව, ඒ කරුණු කාරණා කීපය අතරින් ප්‍රධාන කාරණයක් තමයි මේ පවතින්නාවු නිදහස. පසුගිය වසර හතර හමාරක කාලයක් තුළ ජනමාධ්‍ය නිදහස, කතා කිරීමේ අයිතිය, තම අයිතීන් ඉල්ලා පාරට බැසීමේ අයිතිය, ඒ වගේම තමන් කැමති ඕනෑම මතවාදයක් දැරීමට තියෙන අයිතිය වගේම සියලුම  නිදහස සුරක්ෂිත කරල තියෙනව. ඒ වගේම තමයි, රාජපක්ෂ ආණ්ඩු සමයේදී දක්නට ලැබුණු යම් සිදුවීම් කීපයක් තුළින් තරුණයන්ගේ ආනාගතය අභිවෘද්ධිය වැළැක්වීමට කටයුතු කළ අවස්ථා කීපයක් පෙන්නන්න කැමතියි, මේ අතරින් ප්‍රධානම කාරණයක් වශයෙන් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමේ දී රාජපක්ෂ පවුල කේන්ද්‍ර කරගනිමින් තමයි අපේක්ෂකයන් ඉදිරිපත් කළේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පොහොට්ටුව යටතේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණා. එහිදී ඔහුට පුරවැසිභාවය සම්බන්ධයෙන් නඩුවක් ගොනු වුණා. ඔහුගේ පුරවැසි භාවය පිළිබඳ නඩුව විනිශ්චය කර තීන්දුව ලැබෙන තෙක් ඒ සඳහා විකල්ප අපේක්ෂකයෙක් වශයෙන් චමල් රාජපක්ෂ මහතා ස්වාධීනව ඇප මුදල් තැන්පත් කරනව අපි දැක්ක.

එතකොට තරුණයෙක් වශයෙන් පවතින ගැටළුව තමයි ඇයි රාජපක්ෂවරුන්ටම ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්නෙ? වෙන පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් නැද්ද? පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සිටිය දී ඇයි රාජපක්ෂවරුන්ම නම් කරන්නෙ? ඒ අනුව තරුණයෙක් වශයෙන් තරුණයන්ට හිමි අවස්ථාව මේ අනුව ගිලිහී යන බව මතක්කර දෙන්න කැමතියි.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා, ඒ වගේම යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ බලලත් නිලධාරිතුමා පිළිබඳ තරුණයන් වශයෙන් ප්‍රශ්න කිරීමක් තියෙනව. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා නීති විද්‍යාලයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යා වශයෙන් තේරීපත්වෙනව, යෝෂිත රාජපක්ෂ අපේ නාවික හමුදාවේ දක්ෂතම නිලධාරි වරයා වශයෙන් තේරීපත්වෙනව. ඒ අනුව මෙතෙන්දි තරුණයෙක් වශයෙන් තියෙන ගැටළුව තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමා වැඩිම ලකුණු ලබාගැනීමේ දී ලකුණු ලබාගත් පටිපාටිය පිළිබඳ යම් ගැටළුක් පවතිනව. යොෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරිතුමා සම්බන්ධයෙනුත් අපට තියෙන ප්‍රශ්නය ඒ කාරයමයි. මේ ආකාරයෙන් රාජපක්ෂ පරම්පරාව, පවුල මෙලෙස නෛතික නොවන ආකාරයට කරන්නාවු ක්‍රියාවලිය තුළින් අපේ රටේ තරුණ ප්‍රජාවගේ අවස්ථාවන් තමයි ගිලිහී යන්නෙ. ඒ ගිලිහී යෑමට විරුද්ධව තමයි අපි මෙවර සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂතුමා සමඟ එකතුවෙලා තියෙන්නෙ.

මාධ්‍ය නිදහස ගැන කතා කිරීමේදී ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ජනමාධ්‍යවේදීන් ඝාතනය කරමින්, අතුරුදන් කරමින්, පෝද්දල ජයන්ත වැනි මාධ්‍යවේදින්ගේ අවයව වලට හානි කරමින් කරගෙන ගියාවු ප්‍රචණ්ඩකාරි මර්ධනකාරී වැඩපිළිවෙල තරුණයෙක් වශයෙන් සරසවි ශිෂ්‍යයෙක් වශයෙන් අනුමත කළ නොහැකියි.

ඒ අනුව අපිට සාධාරණ බයක් සැකක් නිර්මාණය වෙනව ඉදිරියේදී රාජපක්ෂ යුගයක් මේ රටට පැමිණියහොත්, තරුණයන් වශයෙන් අපට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගෙයිද කියල, තරුණයන් වශයෙන් සරසවි ශිෂ්‍යන් වශයෙන් අපිට තියෙනව. සාධාරණ බයක් තියෙනව ඒ බය නිසා අපි නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරපු, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදය මැනවින් ආරක්ෂා කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කරල තියෙනව.

ඒ වගේම තරුණයන් විදිහට සරසවි ශිෂ්‍යන් විදිහට මතක් කළ යුතු කාරණාවක් තමයි සරසවි ශිෂ්‍යන් වශයෙන් අරගල භූමියට අයිතීන් දිනාගැනීමේ සටනට මූලකත්වය දීමේ දී ඔවුන් වෙඩි උණ්ඩයකින් නිහඬ කිරීමට කටයුතු කරනව නම්, අපි කිසිවිටෙකත් එවැනි අපේක්ෂකයකුට සහයෝගය ලබා දීමට කටයුතු කරන්නෙ නැහැ.

පසුගිය කාලය තුළ ජනක, තුසිත මේ සරසවි සොහොයුරන් දෙදෙනාගේ ඝාතනය සිදුවුණේ රාජපක්ෂ ආණ්ඩු කාලයේ. අපිට සරසවි ශිෂ්‍යයන් වශයෙන් රාජපක්ෂවරුන් ගැන කිසි විශ්වාසයක් තැබිය නොහැක. සරිසවි ශිෂ්‍යයන් වශයෙන් තම අයිතීන් ඉල්ලා ගැනීම සදහා නිදහස් අවකාශයක් ලබාගැනීමට ඔවුන්ගෙන් නොහැකියි. ඒ අවකාශය වෙඩි උණ්ඩයෙන් නිහඬ කරන්න හදනව නම්, ඒ මර්ධනකාරී යුගයට අපි විරුද්ධයි. තරුණයන් වශයෙන් තරුණයන්ට අවශ්‍ය මාවතට නිදහසේ කටයුතු කිරීමට හැකියාවක් තිබිය යුතුයි. පසුගිය රාජපක්ෂ පාළනය තුළ ඒ කිසිවක් අපි දැක්කෙ නෑ. තාජුදීන් නමැති දක්ෂ රගර් ක්‍රීඩකයා තමන්ට වඩා දක්ෂතාවයන් පෙන්වු නිසා ඔහුව ඝාතනය කළා. අදටත් ඒ පිළිබඳව පරීක්ෂණයක් නෑ. මේ ආදී වූ කාරණා කළකා බැලීමේ දී තරුණයන් වශයෙන් වශයෙන් කිසියම් සාධාරණ බයක්, සැකයක් මේ රාජපක්ෂ යළි බලයට පත්වෙයිද කියා නිර්මාණය වෙනව.

  ඒ අනුව අපිට සාධාරණ බයක් සැකක් නිර්මාණය වෙනව ඉදිරියේදී රාජපක්ෂ යුගයක් මේ රටට පැමිණියහොත්, තරුණයන් වශයෙන් අපට සුරක්ෂිත පරිසරයක් ගොඩනැගෙයිද කියල, තරුණයන් වශයෙන් සරසවි ශිෂ්‍යන් වශයෙන් අපිට තියෙනව.

මනෝජ් රූපසිංහ  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *