කොන්දේසි 13 අපේ නොවේ; අපේක්ෂයන්ට අපි කෝන්දේසි ඉදිරිපත් කළේ නැහැ – එම්.ඒ. සුමන්දිරන්

ජනාධිපති පේක්ෂකයන්ට උතුරෙන් දෙන කොන්දේසි ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් දහතුනකට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් තමන් කිසිවෙකුට කොන්දේසි ඉදිරිපත් නොකළ බවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය.

තමන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මුණගැසී සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවා බැලු බවත්, අපේක්ෂකයන්ගේ දේශපාලන පසුබිම පරීක්ෂා කළ බවත් තමන් සහයෝගය දෙන අපේක්ෂකයා තීරණය කළේ එසේ පරීක්ෂා කිරීමෙන් පසුව බවත් සුමන්දිරන් මහතා කීය.

ඉහත කරුණ පරීක්ෂා කිරීමෙන් පසුව තම පක්ෂය තීරණය කළේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය හැරුණු විට දෙමළ ජාතික සන්ධානයේ තවත් පක්ෂ දෙකක් ඇති බවත් එම පක්ෂ සමග සාකච්ඡා කොට තීරණයකට එළඹීම පක්ෂයේ ජේෂ්ඨ උපදේශක ආර්. සම්පන්දන් මහතාට පැවරු බවත් සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ වවුනියාවේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමිනි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම පුවත්පත් සාකච්ඡාව කැඳවා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *