ශ්‍රී ලනිපයේ ශාන්ත බණ්ඩාරටත් අලව්වේදී පොහොට්ටුවෙන් නොනවතින හූවක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට ද ඊයේ (01) අලව්වේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියේදී නොනවතින හූවක් අසාගැනීමට සිදුවිය. 

ඒ මහතා රැළිය අමතන අතර පොහොට්ටු සාමාජිකයින් නොනවත්වාම හූ කියන අයුරුත් හූ හඬ මැදින් පැටළි පැටළී ඒ මහතා සිය කතාව නොනවත්වා කරගෙන යන අයුරුත් එහිදී දක්නට ලැබිණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙමින් ඒ මහතාගේ ජනරැළි ඇමතීමට මීට පෙර පැමිණි ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජෝන් සෙනවිරත්න, ටී.බී. ඒකනායක, තාරානාත් බස්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ශ්‍රීලනිප ත්‍රිකුණාමල දිස්ත්‍රික් ආසන සංවිධායිකා ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙම ඉරණමටම මුහුණ දුන් අතර මෙය නවත්වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් පොරොන්දු වුවත් ඔවුන් ඒගැන එතරම් සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. 

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඉතිහාසයේ වැටිය හැකි පහළම තැනට වැටෙමින් හූ හඬ අස අසා, පොහොට්ටු පාක්ෂිකයින්ගේ දැඩි විරෝධය මධ්‍යයේ, ආත්ම ගෞරවය පිළිබඳ සලකුණක් හෝ නොමැතිව පොහොට්ටුව පසුපස දණින් වැටී වැඳ වැඳ යන ආකාරයක් පෙන්නුම් කෙරේ. පොහොට්ටුව ද තමන් පසුපස වැඳ වැඳ එන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට දිගටම හූ කීම තෝරාගෙන සිටී. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *