අගමැති අද-හෙට උතුරේ ජනරැලි රැසක

එක්සත් ජාතික පක්ෂ නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව, මුතූර්, මන්නාරම, යාපනය, කිළිනොච්චි, චාවකච්චේරි, නෙල්ලිඅඩි, මනිපායි යන ප්‍රදේශයන්හී ජනහමු රාශියක් අද (2) සහ හෙට (3) පැවැත්වේ.

ඒ අනුව අද (2) වවුනියාව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ව්‍යාපාරික හමුවක් උදේ 10 ටද, එහිදීම උදේ 11.30 ට තරුණ හමුවක් ද පැවැත්වෙන අතර මුතූර් තෝපූර් ප්‍රාදේශීය සභා භූමියේදී සවස 2.00 ට එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් පැවැත්වේ. සවස 4.00 ට මන්නාරම තාරාපුරම් පල්ලිය ඉදිරිපිට එක්සත් ජාතික පෙරමුණේ ජන රැලියක් ද, සවස 6.00 ට මනිපායි අනයිකෝඩා සාවල්කාඩු මහත්මා ප්‍රජා ශාලාවේදී ද ජනහමුවක් පැවැත්වේ. රාත්‍රී 8.00 ට යාපනය ජෙට්වින් හෝටලයදී ව්‍යාපාරික හමුවක් පැවැත්වේ.

හෙට (3) යාපනය නාගවිහාරයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගිවීම උදේ 9.00 ට සිදුකෙරෙන අතර, එක්සත් ජාතික පෙරමුණේ ජනරැලියක් කිළිනොච්චිය පොදු වෙළෙඳ පොළ භූමියේ පැවැත්වේ. සවස 2.30 ට කයිට්ස් වෙලෙනතුරෙයි උද්‍යානයේ එක්සත් ජාතික පෙරමුණේ ජනරැලියක් ද, සවස 3.30 ට චාවකච්චේරි බස් නැවතුමේදී එක්සත් ජාතික පෙරමුණේ ජනරැලියක් ද, සවස 4.00 ට නෙල්ලිඅඩි වික්නේෂ්වර හෝටලයේදී ජනහමුවක් පැවැත්වෙන අතර සවස 5.00 ට මනිපායි සෙල්වමුත්තු ක්‍රීඩාංගණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනරැලියක් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *