|

ඇමරිකාවේ Millenium Challenge Corporation (MCC) ආධාර වැඩ සටහන ගැන; මේ වැඩවලට විරුද්ධ වෙන්නේ කුමටද ?

ශ්‍රී ලංකා රජය විසින් ඇමරිකානු රජයේ විදේශ ආධාර සපයන ආයතනයක් වන MCC වෙතින් රටේ සංවර්දන අරමුණු කිහිපයක් උදෙසා ආධාර ඉල්ලා සිටිනව 2017දි.

එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 480ක ආධාර මුදලක් (ණයක් නෙමේ. ආපහු නොගෙවිය යුතු ආධාරයක්) වසර 5ක කාලයක් පුරාවට ලබා දීමට MCC එකඟ වෙනව. මෙය ආසන්න වශයෙන් රුපියල් බිලියන 88ක්.

මෙම ආධාරයේ පලමු වාරිකය ලැබීමට නියමිතව තිබුනේ පහුගිය වසරේ නොවැම්බර් මසදී. නමුත් ඒ දවස් වල රට තුල ඇති කලා වූ ප්‍රජාතන්ත්‍ර විරෝදී ක්‍රියාකාරකම් නිසා MCC ආයතනය ආධාරය ලබා දීම අත් හිටුවනව.

2019 අප්‍රේල් මස මුදල් ඇමති මංගල සමරවීර විසින් ඇමරිකාවේ සංචාරයක ගොස් නැවතත් මේ ආධාරය ලක් රජයට ලබා ගැනීමට එකඟ කරවාගන්නව.

…………………………..

මෙම ඇ.ඩො මිලියන 480ක ආධාර මුදල ආයෝජන කිරීමට බලාපොරොත්තු වන අංශ….

1. ප්‍රවාහන අංශය දියුණුකිරීම – ඇ.ඩො මිලියන 350යි

2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශය දියුණු කිරීම – ඇ.ඩො. මිලියන 130යි.
…………………………..
1. ප්‍රවාහන අංශය දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යාපෘති

a – කොළඹ නගාරාසන්නයේ නවීන රථ වාහන තදබද කලමනාකරන ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 160 යි.

මේ යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක රථ වාහන තදබද නිරීක්ශන හා පාලන මැදිරි ඉදිකිරීමට නියමිතයි.

b – මධ්‍යම, සඹරගමු, ඌව සහ නැගෙනහිර පළාත්වල සිට දිවයිනේ ප්‍රධානම වෙළඳපොල සහ අපනයන කලාපය වන බස්නාහිර පළාත දක්වා දිවෙන ප්‍රධාන මාර්ග කි.මී 131ක් ප්‍රතිසංස්කරනය – ඇ.ඩො මිලියන 140 යි.

c – රාජ්‍ය හා පෞද්ගලික බස් රථ සේවය නවීකරනය – ඇ.ඩො මිලියන 50යි.

බස් රථ සඳහා GPS tracking system, රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ද කාලසටහන් ක්‍රම, මගීන් සඳහා smart card යනාදී ව්‍යාපෘති කිරීමට නියමිතයි.

……………….
2. රාජ්‍ය ඉඩම් පරිපාලන අංශ දියුණු කිරීම යටතේ යෝජිත ව්‍යාපෘති

a. වර්තමානය වන විට අඩුපාඩුවක්ව පවතින රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මැන, ලයිස්තුගත කිරීමේ සහ සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 90යි.

b. ඉඩම් රෙජිස්ටර් කිරීම ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 19යි
මේ යටතේ වංචාකාරී ලෙස ඉඩම් අත් පත් කරගැනීමේ සහ විකිනීමේ ක්‍රමවේදයන් අහෝසි කිරීමට බලාපොරොත්තු වන අතර පළමු වතාවට එක ඉඩමක් හිමිකරුවන් දෙදෙනෙකුට සහ සම්බන්දයෙන් අයිතිවාසිකම් කීමේ හැකියාවන් නිර්මානය කිරීමට කටයුතු කෙරෙනව

උදා : එකම ඉඩම බිරිඳ සහ සැමියා අතරේ සම අයිතිකරුවන් ලෙස ලියාපදිංචි කිරීම..

d. ඉඩම් තොරතුරු පරිගණකගත කිරීමේ සහ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය – ඇ.ඩො. මිලියන 18යි.
………………………….

රජය විසින් MCC ආධාරය තුලින් ලංකාවේ ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට සින්නක්කර ලබාදීමට උත්සහ ගන්නා බවට විපක්ශයේ ඇතැම් කොටස් විසින් බොරු බිල්ලෙක් මවා පාමින් සිටිනව. නමුත් එම චෝදනාව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් කිහිප වතාවක්ම ප්‍රතික්ශේප කරනව. මෙම ව්‍යාපෘතිය යටතේ ඇමරිකාවට ශ්‍රී ලංකාවේ කිසිදු ඉඩමක්, පරිපාලනයට හෝ සින්නක්කර ලබා ගැනීමේ සූදානමක් නැති බව ප්‍රකාශ කරනව.

1980න් පසු විදෙස් රටකින් හිමිවන විශාලම ආධාර මුදල වන ඇ.ඩො මිලියන 480ක මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට පෙරදා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ආකර්ශනීය කාරනය නම් මෙම ව්‍යාපෘතිය සඳහා ආණ්ඩු පක්ශයේ ජනපති අපේක්ශක සජිත් ප්‍රේමදාස මෙන්ම විපක්ශයේ ජනපති අපේක්ශක ගෝටාභය රාජපක්ශද කිසිඳු විරෝදතාවක් දක්වා නැති වීමයි.

– පණ්ඩුල නයන බණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *