|

ජනපතිවරණය දිනුවාම ඉක්මන් මැතිවරණයකට යන්න රනිල් යෝජනා කරයි ; පොහොට්ටු එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශ හදුහැටි ; ශ්‍රීලනිපයට වෙල්ගම දුන් ගැම්ම

රට පුරා රැලි 150 කට අධික සංඛ්‍යාවක් ඇමතීමේ එජාප අපේක්ෂක සජිත්ගේ මෙහෙයුම මෙරට ජනපතිවරණ ඉතිහාසයේ ජනතාව සමග මුහුණට මුහුණ ලා සිදු කල දැවැන්තම ජනපතිවරණ ප්‍රචාරක මෙහෙයුම වේ. ඊට අමතර ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිය වේදීන්, වැඩකරන ජනතාව ශිෂ්‍යයන් ප්‍රමුඛ තරුණ පරපුර කාන්තාවන් වෘත්තීය සමිති නියෝජිතයන් ජනමාධ්‍යව්දීන් ඇතුළු සකලවිධ ක්ෂේත්‍ර වල නියෝජිතයන් සමගද සජිත් මුහුණට මුහුණ සංවාදයක් කරමින් තම අනාගත සැලසුම් පිළිබදව පැහැදිලි කිරීම් සිදු කරමින් සිටී.

මේ බොහෝ කටයුතු ඉතා සමබර ලෙස සම්බන්ධීකරණය කරමින්ද ප්‍රධාන රැලි ඇමතීම මෙන්ම විවිධ තලයේ ඉහත දැක්වූ සමාජ ස්ථර සමග මුහුණට මුහුණ සංවාද කිරීමෙන් අගමැති රනිල් ද දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටීම විශේෂත්වයකි. අගමැතිවරයා හා සජිත් නිතර හමුවීම් සිදු කරමින් මැතිවරණ මෙහෙයුම වඩාත් නිවැරදිව සැලසුම් කිරීමද එය සදහා එජාපෙ සෙසු පක්ෂ නායකයන් ඇතුළු ප්‍රබලයින්ගේ සහාය ලබා ගැනීමද කැපී පෙනේ.

එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය බ්‍රහස්පතින්දා මහනුවර ඓතිහාසික රැජිණ හෝටලයේදී  එළිදැක්වූ අතර ඊට ප්‍රථම එය මහ නාහිමි වරුන්ට පිලිගැන්වීය.මේ අවස්ථාවට එක් වීම සදහා අගමැතිවරයා මහනුවර බලා පිටත්ව ගියේ තවත් මැති ඇමතිවරු විශාල පිරිසක්ද තම හෙලිකොප්ටරයට නංවා ගනිමිනි. සජිත් ඊට කලින්දා මහනුවරට පැමිණි  අතර අර්ල් ගුණසේකරට අයත් සංචාරක හෝටලයක එදින රාත්‍රියේ ලැගුම් ගෙන තිබිණ.

අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරු මහනුවරදී පිලිගත්තේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රමුඛ පිරිසකි. “එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය ටිකක් පරක්කු ඇයි කියලත් අහන අය ඉන්නවා.” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.

“ නෑ අපේ කිසිම පමාවක් නෑ. පොහොට්ටුව තමයි කලින්ම අපේක්ෂකයා නම් කරලා අරහෙන් මෙහෙන් ලියාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශයකුත් එලියට දාලා සෝඩා බෝතලයක් වගේ උඩ ගිහින් දැන් බිමටම වැටිල තියෙන්නේ ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“පොහොට්ටුවේ  ප්‍රතිපත්ති ප්‍රකාශය කරන්නන්වාලේ මිනිස්සු රවට්ටන්න කරපු දෙයක් බව පැහැදිලියි. ඒකේ වැරදි 276ක් තියෙනවා. ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

 “ අර වියත් මගේ ඉන්න විකට නළුවොයි නටන නිලියොයි මේක ලියපු බවයි පේන්නෙ. ඒක ආපහු සිංහල හරියට දන්න කෙනෙක් කියවලවත් නැති බව පැහැදිලියි. ” චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“පොහොට්ටුවේ  ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ඒකීය බව හා බුද්ධාගමට නිසි තැන ලබා දීම ගැනවත් ප්‍රමුඛත්වයක් දීල නෑ. හංගලයි ගහල තියෙන්නේ. දෙමල හා මුස්ලිම් ඇතුළු සුළු ජාතීන් ගැන නිශ්චත සදහනක්  හෝ රැකවරණයක් ගැන කිසිම දෙයක් ඒකෙ නෑ කියල සුළු ජාතික පක්ෂ චෝදනා කරලත් නිබුණා. ” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

“පොහොට්ටුවේ  ප්‍රතිපත්ති ප්‍රකාශය ලිව්වේ එයාලගේ තනි මතයට. එයාලත් එක්ක එකතු වුණා කියපු ශ්‍රීලනිපයේ අදහස් මායිම් කරලත් නෑ. ඒත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවේ අපිත් එක්ක ඉන්න සියළු පක්ෂ වල අදහස් අරගෙන පොදු ස්ථාවරයකට ඇවිල්ලයි. ” අගමැතිවරයා පැහැදිලි කලේය.

“ ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අමු පුස්සක්. එකේ තියෙන්නේ වචන ගොඩක් විතරයි. ඒකට වැටෙන්න ගහන්න පුළුවන් .ඒත් ඊට කලින් අපේ ශක්තිමත්, දැක්මක් හා වැඩපිළිවෙලක් සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දාලා ඉන්න ඕන නිසයි ගොඨගේ බොරු ප්‍රතිපත්ති වලට මෙතෙක් පහර නොවැදුනේ ” අගමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“ ඇමෙරිකාවත් එක්ක මිලේනියම් ගිවිසුම අත්සන් කරන්න කැබිනට් අනුමැතිය ලැබුණද.”හේෂා විතානගේ ඇසුවේය.

 “ ඔව් ගෝඨා ඒ කාලේ කැබිනට් එකටවත් කියන්නෙ නැතුව කාටත් හොරා ඇමෙරිකාවත් එක්ක ගිවිසුම් රහසේ අත්සන් කලා කියලා වාසු ඇතුළු හැමෝම බෝම්බ පත්තු කලා. ඒත් අපි විනිවිදව හා එලිපිටම රටට වාසියක් මිසක් අවාසි නැති විදියට වගේම කැබිනට් අනුමැතියත් අරන් තමයි යමක් කරන්නේ.ඔය ගිවිසුම් හරහා ලංකාවට කෝටි 8600 ක විශාල මූල්‍යමය වාසියකුත් තියෙනවා. අනික ගෝඨාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඔය මිලේනියම් වැඩපිලිවෙල ගැන නොකියා කියල තියෙනවා. . ” ලක්ෂ්මන් කිරිඇල්ල කීදේ සියළු දෙනා අනුමත කලහ. 

“ පාස්කු ප්‍රහාරය ගැන ගෝඨභය ඉතා සැකයි කියල දේශපාලන න්‍යයාචාර්ය වරයෙකු මෙන්ම පසුගිය රජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල උපදේශකයෙකු වූ ආචාර්‍ය දයාන් ජයතිලක කරන විග්‍රහය ගැන රටේම අවධානය යොමු වෙලා තියෙනවා. මිය ගිය මිනිස්සුනගේ අවසන් කටයුතු සිදු කරන්නත් කලින් මමයි අපේක්ෂකයා කියල ගෝඨාභය කියපු එක විශාල සැකයක්. ඒවගේම සහරාන්ලට කොළඹ ඉඩම් හා කාර්යාල දීල පඩි ගෙවල ඔවුන් පෝෂණය කලේත් ගෝඨාභයල බව ඒ අයම ප්‍රසිද්ධියේ පිළිගෙනත් තිබෙනවා. කතෝලික වගේම රටේ සියළු ජනතාව මේ ගැන දැඩි විපරමෙනුයි ඉන්නේ. ” නවීන් දිසානායක කී දේ සියළු දෙනා අනුමත කලහ.

“ නවීන් ඇමතිතුමා අගමැතිකම උඩරටට ඉල්ලනවා. ඒ එතුමාටද ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමාටද දන්නේ නෑ. ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ තනතුරට ආවාම කන්ද උඩරටට විජේතුංග මැතිතුමාට අගමැතිකම දීපු ඉතිහාසයකුත් තියෙනවා. ඒත් අගමැති මමයි කියල ඔබතුමා එකපාරටම කියපු එක සමහර ජනමාධ්‍ය වලට ලොකු නිව්ස් එකක් වෙලා” වජිර අබේවර්ධන කීවේ අගමැති රනිල් දෙස බලාය.

“ අගමැති කවුද කියල මගෙන් ඇහුවාම මම උත්තර දුන්නා. ජනාධිපතිවරනෙන් වෙනස් වෙන්නේ ජනාධිපති ධූරය විතරයි.ජනාධිපති දරපු ඇමතිකම් ටික ඕනෙනම් ඇමතිකම් නැති කට්ටියට බෙදල දෙන්න පුළුවන්. කිරිඇල්ල, රංගෙ, ෆීල්ඩ් මාෂල් වගේ අසාධාරනේට ලක් වෙච්ච පිරිසකුත් ඉන්නවානේ. එහෙම නොවී ලොකු ඇමති මාරුවකට ගියොත් කට්ටිය ඇමතිකම් වලට පොර කාවී. මොකද ජනාධිපතිවරණය දිනුවාම අපි වහාම මහා මැතිවරණයකට යන්න ඕන. ” අගමැතිවරයා පැහැදිලි කලේය.

 “ ශ්‍රීලනිපය රැක ගැනීම චන්ද්‍රිකා හා වෙල්ගම භාරගත්ත එක ගැන ගමේ ශ්‍රී ලංකා කාරයෝ මාර පිකප් එකේ ඉන්නේ. ශ්‍රීලනිප හිටපු මන්ත්‍රීවරුන් වන රුවන් රණතුංග, අතාවුද සෙනෙවිරත්න, වික්ටර් ඇන්තනී හා පලාත් සභා ප්‍රාදේශිය සභා ඇතුළු පාක්ෂිකයෝ දහස් ගණනක් සජිත් දිනෙව්වොත් විතරයි ශ්‍රීලනිපය රැකෙන්නේ කියන ස්ථාවරයට ඇවිත්. ” නවීන් දිසානයක කීවේය.

“ ශ්‍රීලනිපෙ කට්ටිය පොහොට්ටුවේ රැස්වීම් වලට නැග්ගාම හූ තියන එක දිගටම යනවා. ශ්‍රීලනිප අය ගැන පොහොට්ටුවේ කට්ටියගේ හිතේ වෛරයක් ඇති කරල තමයි අපි පොහොට්ටුව ගොඩනැගුවේ කියල බැසිල් දයාසිරිට කිව්ව බව දයාසිරි රටටම කිව්වා. ඔය වෛරය තමයි තාම යන්නේ. ශ්‍රීලනිපයේ නායකයෝ තනතුරු ගන්න පොහොට්ටුවට ගියාට ගමේ ශ්‍රී ලංකා කාරයා පොහොට්ටුවට කවදාවත් ඡන්දේ දෙන්නේ නෑ. ඇල්පිටියෙදිත් ඒක ඔප්පු වුණා.  ” ලක්ෂ්මන් කිරිඇල්ල කර විග්‍රහය සියළු දෙනා අනුමත කලහ.

“ ලෝකෙට ත්‍රස්ත හිසරදයක් වූ අල්කයිඩා එකේ බිල්ලාඩ්න් වගේම ඊට පස්සේ තර්ජනයක් වෙච්ච අයිඑස් අයිඑස් අල්බග්ඩාඩිටත් ඇමෙරිකාව වග කිව්වා.ලෝක ත්‍රස්තවාදය බොහෝ දුරට දැන් නිමයි. අවධානය පමණයි දැන් අවශ්‍ය.ආරක්ෂාව ගැන කියගෙන ආපු ගෝඨාභය මේවා කතා නොකරන්නේ ඇයි. දැන් ගෝඨාට විකුණන්න දෙයක් නෑ. ත්‍රස්තවාදයට අදාල ඉතිරි ප්‍රශ්න ටික ජාත්‍යන්තරව විසදගන්න පුළුවන් ගෝඨාට හෝ රාජපක්ෂලාට නෙවෙයි අපිට විතරයි. අනික ලංකාවේ ආරක්ෂාව ගැන සුළු හරි ප්‍රශ්නයක් ආවොත්  ගෝඨාභයට වඩා සිය දහස් ගුණයකින් එවාට මුහුණ දීමේ හැකියාව තිබෙව ෆීල්ඩ් මාර්ෂල් ඉන්නෙත් අපිත් එක්ක නිසා ජනතාව හංසයා දිනවන්න ඕනෑ. හංසයා දිනවලා බත් කනවද පොහොට්ටුව දිනවලා වෙඩි කනවද කියල මම ඇහුවේ ඒකයි ” අගමැතිවරයා කීවේ සිනාමැදය.      

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *