හිට්ලරුත් එනකොට ආවේ බොරු සංවර්ධනයක් මවාපාමින් පස්සෙ තමයි භයානක අනුතුරේ තරම දැක්කෙ – රාජා උස්වැටකෙයියාව

හිට්ලර් සමාජවාදි පක්ෂයෙන් ඇවිල්ලා, මහජනතාවට පට්ටපල් බොරු කියල, බොරු සංවර්ධනයක් මවාපාලා තමයි බලයට ආවේ. පාර්ලිමේන්තුවෙන් තමයි බලය ගත්තෙ. ඔහු පාර්ලිමේන්තු බලයට එනවිට ප්‍රජාතන්ත්‍රවාදි බලවේග කැඩී බිඳිලා හිටියා. සමාජ ප්‍රජාත්ත්‍රවාදීන් වෙනපැත්තක හිටියා. කොමිනියුස්ට් වාදීන් වෙන පැත්තක හිටියා ඒ අය ඒ අනතුර දැක්කෙ නෑ. ඒ නිසා, මුළු රටක් මුළු ලෝකයක් විනාශ වුණාට පස්සෙ තමයි මේ හිට්ලර්ගෙ නාසිවාදය. පැසිස්ට්වාදය, හිට්ලර්ගෙ අත්නෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය දැවැන්ත මිනිස් ඝාතන හා සමාජය කඩා වැටීමට පස්සෙ තමයි මේකෙ භයානක අනතුර දැක්කේ. හිටපු පළාත් සභා මන්ත්‍රි රාජා උස්වැට‍කෙයියාව එසේ පැවසුවේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (30) රාජගිරියේ දී පැවැති මාධ්‍ය හමුවක දීය.

මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණය මීට පෙර අපේ රටේ පැවති ජනාධිපතිවරණ වලට වැඩිය හාත්පසින්ම වෙනස්. මේ ජනාධිපතිවරණයේ ප්‍රධාන පිල් දෙකයි. එක පිළක් තමයි ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන තමන්ගේ පවුල සහ තමන්ගේ දේශපාලන හිතවතුන් නියෝජනය කරන, ඒ සඳහා වු අලුත් පක්ෂයක් නිර්මාණය කළා. මේ කණ්ඩායම අලුත් පක්ෂයක්. අනික් පැත්තෙන් සජිත් ප්‍රේමදාස අපේක්ෂක තුමා, ඔහු නියෝජනය කරනවා එක්සත් ජාතික පක්ෂය. අනිකුත් සියලුම ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වාමාංශික බලවේග නියෝජනය කරමින් තමයි සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙලා තියෙන්නෙ. මේ දෙගොල්ල අතර තියෙන ඡන්දෙදි මම හිතනවා මේ රටේ ජනතාව, විශේෂයෙන් අපි වාමාංශික කඳවුර නියෝජනය කරන උදවිය හැටියට වාමාංශිකයන්ට වගකීමක් තියෙනව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඒක පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් ප්‍රජාතන්ත්‍රවාදි බලවෙග රැකගෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වලට එරෙහි වෙන පැසිස්ට් බලවේගවලට එරෙහි වීම වමේ ව්‍යාපාරයේ උත්තුංග කාර්යයක්.

මේ ව්‍යාපාරය මූර්තිමත් කරන්නෙ අපි කැමති වුණත් අකමැති වුණත් සජිත් ප්‍රේමදාස අපේක්ෂක තුමා. ඔහු තමයි මේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදි බලවේග නියෝජනය කරන්නෙ. අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන්නෙ අලුත්ම වු පන්තියක්. ඒක ධනපති පංතිය නෙමේ. ධනපති පංතියක් අපේ ඉතිහාසයේත්, ලෝකෙ හැමතැනමත් ඉන්නවා. මෙතන ඉන්නේ ඒහෙම අය නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ප්‍රජාතන්ත්‍රවාදි බලවේගය විනාශ කරන ජවාරම්කාර, එතනෝල්, කුඩු, සූදු මෙන්න මේ වගේ සහ වෙනත් ජාවාරම් වලින් මුදල් හම්බකරන විශාල ධනස්කන්ධයක් මේ දේශපාල ව්‍යාපාරට යොදවන අය තමයි මේ කණ්ඩායම.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොහොම  හොඳට කතා කරල, මේ ලෝකේ ජනතාවගේ යහපතට හානි කරපු කණ්ඩායම් ගණනාවක් ඉන්නව දේශපාලනයේ. මේ අයගෙන් එක්කෙනෙක් තමයි ඇඩෝප් හිට්ලර් ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වලට එරෙහි වෙන පැසිස්ට් බලවේගවලට එරෙහි වීම වමේ ව්‍යාපාරයේ උත්තුංග කාර්යයක්. මෙන්න මේ අනතුර දැන් අපිට පේන්න තියෙනව. ඒ වගේමයි කම්පුචියාවෙ සමාජවාදය කතාකරමින් ආව පොල්පොට්. පොල්පට්ගෙ ක්‍රියාකාලාපයත් එහෙමයි. ඒ පොල්පොට්ලා ඉතාම බරපතළ විදිහට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදි බලවේග විතරක් නෙමෙයි ඒ රටේ මානව නිදහස සමාජවාදය නාමයෙන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ කාලේ හිට්ලර් සමග එකට හිටියා ඉතාලියේ මුසලෝනි. මුසලෝනි ආවේ එහෙමයි. ඡන්දයෙන් ආවේ. එම නිසා සහෝදරවරුනි, විශාල අභියෝගයක් තියෙනව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලුම ජනතාවට, විශේෂයෙන්ම තරුණයන්ට, වැඩිහිටියන්ට, සමාජ ක්‍රියාකාරීන්ට, සංවිධාන නායකයන්ට, වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන්ට මේ හැම කෙනෙකුටම අවශ්‍ය වෙන්නේ මූලික ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය. ඊට එරෙහිව මොනවද තියන බලවේග ඊට විරුද්ධව අපි වැඩකළ යුතුව තියෙනව.

ඒ නිසා තමයි ඔය ඩියු ගුණසේකරලා, තිස්ස විතාරණලා වගේ පොට වරද්ද ගත්ත පිරිස් මහින්ද රාජපක්ෂලත් එක්ක එහෙමත් නැත්නම් ගෝඨාභයලත් එක්ක ඉන්නෙ. ඒ ගොල්ලන්ට ජනතාවට අතරේ එහෙම බලයක් නෑ. ඒ ගොල්ල කාලයක් තිස්සෙ වමේ ව්‍යාපාරය කියල හිටියට වමේ බලවේග වෙනත් තැනකට තල්ලු වෙමින් යනව. ඒ නිසා එය ඉතාම ගැඹුරින් අධ්‍යයනය කරමින් තමයි ජනතාව ඡන්දය පාවිච්චි කළ යුතුව තියෙන්නෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *