ශ්‍රීලනිප චන්ද්‍රිකා පිල -එජාපෙ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තබයි

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නායකත්වය දෙන ශ්‍රීලනිප කණ්ඩායම  සහ එක්සත් ජාතික පෙරමුණ අතර මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළැඹීම අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී (1) සිදු කෙරින .. ඒඅනුව ශ්‍රීලනිප කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට එක්වනු ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අස්සන් කිරීම ද සිදුකෙරුණි. මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 32 ක් සහ සිවිල් සංවිධාන 31 ක් නව සන්ධානයේ මහ ලේකම් රාජිත සේනාරත්න මහතා ඉදිරියේ ගිවිසුමට අස්සන් තැබීම සිදුකළේය.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයන් සහභාගි වුහ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *